ඉරිදා, 26 පෙබරවාරි 2023 08:53

ජී20න් ශ්‍රී ලංකාවට සහනයක්… Featured

ශ්‍රී ලංකාව ඇතුළු ණය අර්බුදයට ලක්ව සිටින රටවලට සහනයක් දීමට ජී20 කණ්ඩායම තීරණය කර තිබේ.

ඒ අනුව මේ දිනවල ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන ජී20 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුවේදී මේ තීරණය ගෙන තිබෙන අතර, ඒ අනුව ඒ ඒ රටවලට සහන දිය හැකි අංශ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමටද තීරණය වී තිබෙන බව වාර්තා වෙයි.

ජී20 කණ්ඩායමේ සභාපතිත්වය වර්තමානයේ ඉන්දියාවට හිමිව ඇති අතර, එහි ප්‍රධාන සමුළුව බැංගලෝර්හිදී පැවැත්වීමට නියමිතය. එහි මුදල් ඇමැතිවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුව (22) බැංගලෝර්හිදී ආරම්භ වූ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති පරිදි මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාධාවක්ව පවතින කරුණු පිළිබඳ මෙහි දී සලකා බැලීමට නියමිතව ඇත.

‘ජී20’හෙවත් ‘20 දෙනාගේ කණ්ඩායමට’ ලොව ප්‍රධාන පෙළේ ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් 19ක රාජ්‍ය නායකයන්, මහ බැංකු අධිපතිවරුන් සහ යුරෝපා සංගමය ඇතුළත් වන අතර ආයෝජන කටයුතු, නව්‍යකරණය, ත්‍රස්තවාදය පිටුදැකීම, පරිසරය සහ බලශක්ති පිළිබඳ කටයුතු, සංවර්ධනය, කාන්තාවන් වෙනුවෙන් වැඩි තැනක් දීම සහ සෞඛ්‍ය යනාදි මාතෘකා සම්බන්ධයෙන්ද මෙවර සමුළුවේදී සාකච්ඡා පැවැත්වෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජී20 හෝ විසිදෙනාගේ කණ්ඩායම යනු ග්‍රහලෝකයේ වඩාත් වැදගත් ආර්ථිකයන්ගෙන් විසිදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් වන අතර, යුරෝපීය සංගමය සමඟ ස්වාධීන රටවල් 19ක් ඊට ඇතුළත් වෙයි. ජී20 ගෝලීය ආර්ථිකයේ සියලු ප්‍රධාන ක්‍රීඩකයන් සියල්ලම ආවරණය වන පරිදි ප්‍රධාන ලෝක ආර්ථිකයන් හතෙන් සමන්විත වූ ජී7 සමුළු රැස්වීමකදී යෝජනාවක් 1999 දී නැඟී ආ අතර 2008දී, ජී8, සාමාජිකයන්ගේ ප්‍රධානීන් සඳහා වාර්ෂික හෝ ද්වි-සමුළු පැවැත්වීම (යුරෝපීය සංගමය නියෝජනය කරන යුරෝපීය කවුන්සිලය ඇතුළුව) ඇතුළත්ය.

– මහින්ද අලුත්ගෙදර

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website