සදුදා, 13 මැයි 2024 11:18

ලියාපදිංචි ඖෂධ හඳුනා ගන්න විශේෂ ස්ටිකරයක්.. Featured

ලියාපදිංචි ඖෂධ වල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

ඊට අදාළ ඇනවුම මේවන විට රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට දී තිබේ.

ඖෂධ සඳහා වියාජ ලියාපදිංචි සහතික නිකුත් කිරීම වැළැක්වීම එහි අරමුණ වී තිබේ.

 ඒඅනුව ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවන සෑම ඖෂධයක් සඳහාම විශේෂිිත ස්ටිකරයක් ලබාදීමට නියමිත බව පැවසීය.

 මාසයක් ඇතුළත එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

 – නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website