ඉරිදා, 26 පෙබරවාරි 2023 12:13

මාලිමාවට අධිකරණයෙන් වාරණ නියෝගයක්…

ජාතික ජන බලවේගය විසින් අද කොළඹදී පැවැත්වීමට සූදානම් කර ඇති විරෝධතා පෙළපාලියට කොළඹ නගරයේ මාර්ග කිහිපයකට ඇතුළුවීම වලක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකු නම් කරමින් මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුවයි.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය, ගාලු මුවදොර වෙත යන මාර්ග වලට ඇතුළුවීමට විරෝධතාකරුවනට අවසර නැත.

මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසමින් ඒකාධිපතිව ගෙන යන රජයේ වැඩපිළිවෙල පරාජය කිරීමට ජනතාවත් සමඟ ඒකාබද්ධ ව කොළඹ විරෝධය අද දිනයේ සිදු කරන ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසීය.

Capture 4

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website