බදාදා, 15 මැයි 2024 10:12

පාර්ලිමේන්තුව විසුරුවයි..? Featured

මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින් තිබේ.

එම බොහෝ වාර්තා වල දැක්වෙනුයේ 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් ඇතිබවයි.

 එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මෙතෙක් සාකච්ඡාවක් සිදුව නොමැති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි.

 පසුගිය පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් සාකච්ඡා නොවීය.

 පාර්ලිමේන්තුව ඉදිරි සතියේ රැස්වීමට අදාළ න්‍යාය පත්‍රය මේ වනවිට සකස් කර තිබේ.

 ඒ අනුව ලබන 22 හදිසි පනත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැවසීය.

 – නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website