බදාදා, 15 මැයි 2024 10:15

රුසියාවට විකිණු ලාංකිකයන් ගැන පැමිණිලි උතුරයි.. Featured

රුසියා යුක්‍රේන යුද්ධයට මෙරට පුද්ගලයන් නීති විරෝධී ලෙස යොමුකිරීමෙ මිනිස් ජාවාරමට සම්බන්ධයෙන් ලැබි ඇති පැමිණිලි සංඛ්‍යාව 243ක් දක්වා ඉහළගොස් ඇතිබව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

පසුගිය 09 වැනිදා සිට 14 දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබි තිබේ.

 ඒ සම්පූර්ණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

 රුසියා යුක්‍රේන යුද්ධයෙදී මෙරට විශ්‍රාම හමුදා සාමාජිකයන් 11 මේවන විට මියගොස් ඇතිබවට තොරතුරු ලැබි ඇතිබව පැවසීය.

 එම සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් කිහිප දෙනෙකු අත්තඩංගුවට ගෙන තිබේ.

 එම පුද්ගලයන් අතර විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු සහ සාජන් මේජර්වරයෙකු සිටීයි.

 දැනට සිදුකර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 64 දෙනෙකු රුසියා යුක්‍රේන යුද්ධයට සහභාගි වී සිටින බවයි.
කෙසේ වෙතත් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව පොලිසිය පවසයි.

 මෙම මිනිස් ජාවාරම පිළිබඳ තොරතුරු 0112441146 දුරකථන අංකය මගින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය දැනුවත් කල හැකිය.

 

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website