ලංකා සතොස සතු මෙම මත්පැන් අලෙවිසැල් හරහා මසකට රුපියල් බිලියන 2 කට අධික ලාභ උපයන බවද එම සංවිධානය කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
ටෙන්ඩර් පටිපාටියක් හෝ නොමැතිව මෙම මත්පැන් බලපත්ර මෙන්ඩිස් සමාගමට අයත් සමාගම් වෙත පැවරීමට කැබිනට් අනුමැතියක් ලබා ගැනීමට සූදානමක් ඇතැයිද හෙතෙම කියා සිටියි.
මෙන්ඩිස් සමාගම විසින් රජයට ගෙවිය යුතු සුරා බදු ප්රමාණය රුපියල් මිලියන 3400 ඉක්මවා ඇති බවත් එය අතිශය බරපතල කාරණායනක් බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.
CN