සටන් කරන්නේ යුක්රේනයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ…
දවස ගාණේ අපේ අය මැරෙනවා, ඒත් අදටත් ලංකාවේ අය එනවා…
හරියට කන්න බොන්නවත් දෙන්නෙ නෑ රුසියන් භාෂාව අපි දන්නෙත් නෑ…
අපේ බැංකු ගිණුම්වලට පඩි යවනවා කිව්වට ගිහින් නෑ…
රුසියාවේ ජාවාරම මෙහෙයවන්නෙ චතුරංග, රමේෂ්…
ලෝකයේ නින්දා සහගත ම ජාවාරම මිනිස් ජාවාරම ය. අපේ රට එම ජාවාරමේ ද පෙරමුණට පැමිණ බොහෝ කාලයකි. ඉතාලිය ඇතුළු යුරෝපීය රටවලට, මැද පෙරදිග රටවලට මෙන්ම ලොව පුරා විවිධ රටවලට මුහුදු මාර්ග ඔස්සේ අපේ මිනිස්සු ඇතුළු වූයේ 1970 ගණන්වල සිට ය. අශ්ලීල ජාවාරම්කාරයෝ විසින් අනවසර සංක්‍රමණිකයන් සඳහා බෝට්ටු සංවිධානය කිරීම එළිපිට ම සිදු කළහ. දිරාපත් අබලන් බහුදින යාත්‍රා අලුත්වැඩියා කර සංක්‍රමණිකයන් රැගෙන යෑමට සූදානම් කළහ. ඒ ඇතැම් බහුදින යාත්‍රාවල හිමිකාරිත්වය දේශපාලනඥයන්ට ද පැවරී තිබූ බව වාර්තා විය. කුලී හේවායන් ලෙස විශ්‍රාමික රණවිරුවන් රුසියාවට යවන ජාවාරමේ ද දේශපාලනඥයෝ සිටින බවට මත පළ වෙති. එවැනි පසුබිමක මෙරට රණවිරුවන් රුසියාවට යවන ජාවාරම ප්‍රථම වරට මාධ්‍යයට හෙළිදරව් කළ මාධ්‍යවේදියා දැන් අප සමග සිටී. හේ කුරුණෑගල වාර්තාකරු බිමල් රුහුණගේ ය. කුලී හේවායන් ලෙස මෙරට රණවිරුවන් රුසියාවට යැවීමේ සම්මුඛ“ශ්‍රී ලාංකිකයන් රුසියාවට යවන පෝස්ට් එක ප්‍රථමයෙන් ශෙයාර් වුණේ රණවිරු ෆේස්බුක් පේජ් එකක. සම්මුඛ පරීක්ෂණ පැවැත්වුණේ කුරුණෑගල වැව රවුමේ ප්‍රසිද්ධ හෝටලයක. පසුගිය ජනවාරි මාසේ මුල් සතියේ පැවැති සම්මුඛ පරීක්ෂණයට මමත් සහභාගි වුණා. මම එතැනට ගියේ නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙක් විදිහට. හෝටලයට යන්න පෙර මේ ජාවාරම වැටලීමට අදාළ නිලධාරීන්වත් දැනුවත් කළා. මම හෝටලයට යනකොට විශාල පිරිසක් සම්මුඛ පරීක්ෂණයට සහභාගි වෙලා හිටියා. ඒ සේරම විශ්‍රාමික හමුදා නිලධාරීන්. ඉන්ටර්විව් බෝර්ඩ් එකේ හිටිය අය සම්මුඛ පරීක්ෂණයට පැමිණ සිටි අයට සුරංගනා ලෝකයක් මැව්වා. මාසික පඩිය රුපියල් ලක්ෂ 16කට වැඩි බවත්, රුසියාවට බැහැපු හැටියේ වියදමට රුපියල් ලක්ෂ 20ක් දෙන බවත් කිව්වා. සටන් බිමේදී අනතුරක් වුණොත් රුපියල් කෝටි 2ක් හෝ 3ක් ලබාදෙන බවත් කිව්වා. ‘සුපිරි අවි තියෙන්නෙ… මාසයක පුහුණුවක් දෙනවා…’ කියලා ලංකාවෙන් ගිය කෙනෙක් බර අවියක් උස්සගෙන ගත්ත ඡායාරූපයක් පෙන්නලා මෙහෙම කිව්වා…”
“මෙයාලා ගිහින් වැඩි දවසක් නෑ. මාසයකට රුපියල් ලක්ෂ 20ක පඩියක් ගන්නවා. අමතර දීමනා ලැබෙනවා. ඒ සියලු මුදල් නියම දිනයට ලංකාවේ එයලගේ ගිණුම්වලට බැර කරන ක්‍රමවේදයක් අපි සකස් කරලා තියෙනවා. එයලා කොහේ හිටියත් පඩිය වෙලාවට ලංකාවට එවනවා…” ඉන්ටර්විව් බෝර්ඩ් එකේ අය එහෙම කියනකොට සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අයගෙ මුහුණු හිනාවෙන් පිරුණා. නොදන්නා කොදෙව්වක, යුද වදින්න යන බව ඒ මිනිසුන්ට අමතක වුණා. සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී සිටි සෑම කෙනෙක් ම හිතුවේ සේවයට ලැබෙන වැටුප සහ දීමනා ගැන විතරයි. සම්මුඛ පරීක්ෂණය යන අතරේ යුද හමුදාවේ හිටපු මේජර් කෙනෙක් එතැනට ආවා. ඔහු මා සමග එකට ඉගෙන ගත්ත කෙනෙක්. මම මාධ්‍යවේදියෙක් කියලා ඔහු දැනගෙන හිටියා. මම ගේමක් ගහනවා කියලා මේජර්ට තේරුණා. මොහොතක් මා එක්ක කතා කරපු මේජර් එළියට ගිහින් ඉන්ටර්විව් බෝඩ් එකේ හිටිය කෙනෙක්ට කෝල් කරලා කිව්වා. ඉන්ටර්විව් බෝර්ඩ් එකේ හිටිය අය නොසෑහෙන්න කලබල වුණා. ඒ එක්කම මම දැනුවත් කරපු නිලධාරීන්, බුද්ධි අංශ නිලධාරීන් කිහිපදෙනෙක් හෝටලයට ආවා. ඒ අවස්ථාවේදී සාක්ෂි සහිතව ජාවාරම්කාරයන්ව අත්අඩංගුවට ගන්න තිබුණා. ඉහළින් ආපු දේශපාලන බලපෑම් නිසා ඉන්ටර්විව් බෝර්ඩ් එකේ හිටපු කිසිම කෙනෙක්ව අත්අඩංගුවට ගත්තෙ නෑ. එදා මේ ජාවාරම්කාරයන් අත්අඩංගුවට ගත්තා නම් අද අපේ රණවිරුවෝ යුක්රේනයේ දී මැරෙන්නෙ නෑ…” කුලී හේවායන් ලෙස අපේ රණවිරුවන් රුසියාවට යැවීමේ ජාවාරමේ බලසම්පන්න දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව බිමල්ගේ කතාවෙන් පැහැදිලි ය. එහෙත් මෙරට පුරවැසියන් බිල්ලට දෙන කාලකණ්ණි දේශපාලනඥයන් ඇතුළු මිනිස් ජාවාරම්කාරයන් සම්බන්ධයෙන් මගේ සිතේ තරහක් නොනැඟේ. හදවත කම්පනයෙන් හිරි වැටී ගියේ මෙවැනි රටක ඉපදීම ගැනය.
අම්මා, අප්පා හෝ විකුණා මුදල් සෙවීමේ අරමුණෙන් දේශපාලනය කරන කාලකණ්ණි සහ ඇතැම් තුප්පහි ආරක්ෂක නිලධාරීන්ගේ රැකවරණය මත කුලී හේවායන් ලෙස රුසියාවට ගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 1000කට වැඩිය. මෙරට මිනිස් ජාවාරම්කාරයන් පෙන්නූ සුරංගනා ලෝකය මර උගුලක් බව තේරුම් ගෙන නැවත ලංකාවට ගෙන්වා ගන්නැයි හඬා වැළපෙන සංඛ්‍යාව ඒ අතරින් 300කට ආසන්න බව ආරක්ෂක අංශ විසින් හෙළිදරව් කර ඇත. රුසියන් යුක්රේන සටන් බිමේ යුද වදින අපේ රණවිරුවන්ගේ ආඳෝනාවන් ද අන්තර් ජාලය ඔස්සේ අප වෙත ගලා එයි. හද හඬවන එම කතාවලින් කිහිපයක් ඔබගේ දැනගැනීම පිණිස අපි වචන කරන්නෙමු.
“අපි ආවේ නොදැනුවත්කමින්. මාත් එක්ක ආපු වැඩි දෙනෙක් මැරිලා. මම ඉතිරි වෙලා ඉන්නෙ පූරුවේ පිනකට. කොයි මොහොතේ පින ඉවර වෙයි ද කියන්න බෑ. දන්න කියන කිසිම කෙනකුට එන්නනම් දෙන්න එපා. මගේ නම අහන්න එපා. පණිවිඩය පමණක් රටට දෙන්න. පින්
පරීක්ෂණයට සහභාගි වූ බිමල් කියන කතාවට ප්‍රථමයෙන් අපි සවන් දී සිටිමු.
ගරාවැටෙන නිවස අලුත්වැඩියා කර ගෙන ජීවිතයේ සැදෑ සමය සතුටින් ගතකිරීමේ සිහින පොදි බැඳගෙනය. එහෙත් රුසියන් යුක්රේන සටන් බිමේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් වදින ඔහුට නැවත උපන් දේශයට පැමිණීම සිහිනයක් වී තිබේ. මේ වනවිට එම සටන්බිමේ දී ශ්‍රී ලාංකිකයන් සියයකට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව වාර්තා වේ. දෙසීයකට වැඩි සංඛ්‍යාවක් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. තව පිරිසක් අතුරුදන්වී සිටිති.
“සටන් බිමේ අපිව තියාගෙන ඉන්නෙ හිර කර ගෙන. හරියට කෑමක්, බීමක් දෙන්නෙ නෑ. අසනීපයක් වුණොත් බෙහෙත් පෙත්තක් ඉල්ල ගන්න භාෂාව දන්නෙ නෑ. අණදෙන නිලධාරීන් කියන දේ අපිට තේරෙන්නෙ නෑ. දකුණට යන්න කියනකොට, වමට යනවා. එහෙම වෙනකොට බණිනවා.
ගහනවා. වධ දෙනවා. සෙල් එකට දානවා. යුද බිමේ දී අපේ එකෙක් මැරිලා වැටුණත් ඇඟ උඩින් පැනලා ඉස්සරහට යන්න ඕනෑ. දවස ගාණේ අපේ අය මැරෙනවා. ඊයේ, පෙරේදා ආපු අය මැරුණා. ඒත් තව ම ලංකාවේ අය එනවා. අපේ මිනිස්සු පව්. එන්න දෙන්න එපා. මානුෂීය මෙහෙයුමේ දී ජීවිතය බේරුණ මට කුලී හේවායෙක් විදිහට මැරෙන්න තියෙන ඉඩ බොහෝ වැඩියි. මේ වචන ටික රේකෝඩ් කරන මොහොතේ වෙඩි කාලා මැරෙයි ද කියන්න බෑ. මගේ දරු පවුල ගැන දුකයි. එයලව හොඳට ජීවත් කරවන්න තමයි මම මේ ගමන ආවේ. ඒත් දැන් ඒවා ගැන කතා කරලා ඵලක් නෑ…”
විදේශ හමුදාවන්ට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික රණවිරුවන් සම්බන්ධ වීම පටන්ගෙන ඇත්තේ මෑතක නොවේ. විවිධ රටවල යුද මෙහෙයුම් කටයුතුවලට අපේ රණවිරුවන් සම්බන්ධ වූ බව වාර්තා වේ. එහෙත් කුලී හේවා රැකියාව සටන් බිමක තිබෙන දරුණුතම
රැකියාවකි. ඒ වෘත්තිකයන්ගේ ජීවිතවලට රක්ෂණයක් නැත. වන්දි නැත. මෙරටින් ගිය කුලී හේවායන් තම රට වෙනුවෙන් යුක්රේනය සමග සටන් වදින වග රුසියානු රජය පිළිනොගනී. කුලී හේවායන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය කිසිදු නෛතික පදනමක් මත සිදු වී නැති බව ද පැහැදිලිය. රුසියාව වෙනුවෙන් සටන් කිරීමට ශ්‍රී ලාංකිකයන් එරටට ගොස් ඇති බව තමා නොදන්නා බව මෙරට රුසියන් තානාපති පසුගියදා පවසා තිබිණි. එවැනි පසුබිමක රුසියාව වෙනුවෙන් යුක්රේන ඉදිරි ආරක්ෂක වළල්ලේ සටන් වදින අපේ රණවිරුවෙක් කියන මේ කතාවට ද මොහොතක් සවන් දෙනු මැනවි.
රුසියන් යුද බිමේ හිර වෙලා ඉන්න ලාංකිකයින් නිදහස් කර ගන්න රජයට තවම වැඩපිළිවෙළක් නෑ…
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග
“අපි රුසියාවට ආවේ පසුගියදා, අත්අඩංගුවට පත් වෙච්ච හිටපු හමුදා නිලධාරීන් මාර්ගයෙන්. ටිකට්වලට කියලා ලක්ෂ 3ක් ගත්තා. අවස්ථා කිහිපයක දී ලක්ෂ ගණන් මුදල් ගත්තා. රුසියාවට ඇවිත් මෙහෙ ඉන්න රමේෂ්ටත්, චතුරංගටත් රුපියල් ලක්ෂ 4ක් දුන්නා. රුසියාවේ ඉඳලා මේ ජාවාරම මෙහෙය වන්නෙ චතුරංග, රමේෂ්. අපි ගෙව්ව මුළු මුදල රුපියල් ලක්ෂ 18ක්. අපිට කිව්වෙ නගරාධිපතිගේ ආරක්ෂකයන් විදිහට යොදවනවා කියලා. ඒත් රුසියාවට ආපු හැටියේ ගෙනිච්චෙ යුද පෙරමුණට. කිසිම අවි පුහුණුවක් නෑ. දැන් අපි රුසියාව වෙනුවෙන් යුක්රේන හමුදාවට පහර දෙනවා. ඇවිත් මාස පහයි. අදටවත් අපේ බැංකු ගිණුම්වලට පඩි ගිහින් නෑ. මට වෙඩි වැදිලා තුවාල වෙලා දවස් 12ක් රෝහල්ගත වෙලා ප්‍රතිකාර ගත්තා. ලංකාවේ කිහිපදෙනෙක්ම වෙඩි වැදිලා ඒ රෝහලේ ප්‍රතිකාර ගත්තා. සනීප වෙච්ච හැටියේ යුද පෙරමුණට අරගෙන ගියා. ඉන්න තැන හරියට ම කියන්න අපි දන්නෙ නෑ. අපි ඉන්නෙ දැඩි අනතුරේ…”
යුක්රේනයේ යුද පෙරමුණේ රුසියාව වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකිකයන්ගේ මරණීය කතා එසේ ඇසෙන පසුබිමක ඔවුන්ව රුසියාවට යැවූ මිනිස් ජාවාරම්කාරයන් කිහිපදෙනෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පුද්ගල වෙළෙඳාම, ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි. කුලී හේවායන් ලෙස රුසියානු යුක්රේන් යුද්ධයට නොයෙන ලෙසට යුද හමුදාපති විසින් විශ්‍රාමික රණවිරුවන් ගෙන් ඉල්ලීමක් කර තිබිණි. තිස් අවුරුදු සාපයලත් ත්‍රස්තවාදයෙන් මව්බිම නිදහස් කර ගැනීමට දිවිහිමියෙන් කැප වුණු රණවිරුවන් පිරිසක් විදෙස් රැකියා ජාවාරමකට හසු වී ඇති බවත්, මේ වනවිට එම යුද කලාපයන්හි යුදමය කටයුතුවල දී පිරිසක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බවත් යුද හමුදාපතිවරයා පවසා තිබිණි. ඉහළ වැටුප්, වෙනත් දීමනා, එම රටවල පුරවැසිභාවය ලබාදීමේ පොරොන්දුව මත යුද්ධයට බඳවා ගත්ත ද මේ වනවිට මියගිය අයගේ පවුල්වලට කිසිදු වන්දි මුදලක් ලබාදී නොමැති බව ද යුද හමුදාපතිවරයා පවසා තිබිණි. එහෙයින් මේ මිනිස් ජාවාරමට හසු නොවන ලෙස ඔහු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ගෙන් ඉල්ලා සිටී. එහෙත් රුසියන්, යුක්රේන් සටන් බිමෙන් වාර්තා වන ආකාරයට අදටත් මෙරට රණවිරුවෝ රුසියාවට යන්නාහ. යුක්රේනයට යන්නාහ. සටන්බිමේ දී මෙරට රණවිරුවන් දෙපිළට බෙදී සටන් කරන්නාහ. රටක් වශයෙන් ලජ්ජා වියයුතු තත්ත්වයකි. නින්දාසහගත අපකීර්තියෙන් රට මුදාගැනීමට මෙන්ම මරණය සමග පොරබඳන රණවිරුවන් එම සටන් බිමෙන් නිදහස් කර ගැනීමට මානුෂීය මෙහෙයුමක් දියත් කර තිබෙන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වළේබොඩ මහතා පෙළගැසෙන කතාවට මෙසේ අදහස්
මේ වෙනකොට කිහිපදෙනෙක් මෙරටට ගෙන්න ගෙන තියෙනවා…
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වළේබොඩ
“මිනිස් ජාවාරම්කාරයන්ගේ වහසිබස්වලට රැවටිලා අපේ රණවිරුවෝ රුසියාවට ගිහින් තියෙන්නෙ කනකර ආභරණ, ගෙවල් දොරවල්, වතුපිටි උකස් කරලා. දැන් ඒ දරු පවුල්වලට උන්හිටි තැනත් අහිමි වෙන්න යන්නෙ. රුසියාවට ගිය අයට පැනලවත් ඉන්න බෑ. ගමන් බලපත්‍ර, සියලු ලිපි ලේඛන එරට ඉන්න ශ්‍රී ලාංකික තැරැව්කරුවන් සන්තකයට අරගෙන. රුසියාවට ගිහින් මාස ගාණක් වෙන අයගේ බැංකු ගිණුම්වලටවත් තවම වැටුප වැටිලා නෑ. මේ වෙනකොට අපි මැදිහත් වෙලා කිහිපදෙනෙක් ලංකාවට ගෙනැත් තියෙනවා. ඉතිරි පිරිස ලංකාවට ගේන්න උපරිම මහන්සි වෙනවා…” මුදලට ගිජු වී අසරණ රණවිරුවන්ව බිල්ලට දීමට ඇතැම් දේශපාලනඥයන් කටයුතු කරන පසුබිමක ගාමිණී වළේබොඩ මහතා ඇතුළු තවත් දේශපාලනඥයන් කිහිපදෙනෙක් ඒ අසරණයන්ව මරණයෙන් ගලවාගැනීමට ජාත්‍යන්තර මෙහෙයුමක නිරත වී සිටිති. එවැනි පසුබිමක රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ද පෙළගැසෙන කතාවට අදහස් ඉදිරිපත් කළේය.
“රුසියාව, යුක්රේන් දෙරටේ ම යුද කටයුතුවලට අපේ රණවිරුවෝ සම්බන්ධ වෙලා ඉන්නවා. බහුතරය ගිහින් තියෙන්නෙ දැඩි ආර්ථික දුෂ්කරතාවලට පිළියම් සොයන්න. පිරිසක් ඍජුව ම යුද්ධයට ගිහින් තියෙනවා. තව පිරිසක් දෙරටේ වෙනත් රැකියාවලට ගිහින් වැඩි වැටුපට යුද්ධයට සම්බන්ධ වෙලා තියෙනවා. යුද්ධයට සම්බන්ධ වෙච්ච අයගෙන් පිරිසක් මිය ගිහින් තියෙනවා. බොහෝ අය විවිධාකාර අනතුරුවලට පත් වෙලා තියෙනවා. දැනටත් රෝහල්වල ප්‍රතිකාර ලබන අය ඉන්නවා. මට කතා කරපු අය කියන්නෙ කොහොමහරි ලංකාවට ගෙන්න ගන්න කියලා. ඔවුන් පීඩනයෙන් ජීවත් වෙන බව කතාවෙන් පැහැදිලි වෙනවා. ඒ වගේ ම ශ්‍රී ලාංකිකයන් රුසියාවට යවන වැඩසටහනේ දෙපිරිසක් ඉන්නවා. මෙරට අතරමැදියෝ කිහිපදෙනෙක් ඉන්නවා. රුසියාවට යන අයගෙන් ඔවුන් යම් මුදලක් අය කර ගෙන තියෙනවා. රුසියාවට යන ශ්‍රී ලාංකිකයන් එරට හමුදාවට සම්බන්ධ කිරීමේ කටයුත්තේ මෙරට කිහිපදෙනෙක් අතරමැදියන් ලෙස කටයුතු කරනවා. ඒ අයටත් මුදල් ගෙවීමක් කරලා තියෙනවා. රුසියාවේ අලුත් නීතියට අනුව හමුදා පුහුණුවක් ලබාගැනීමට හෝ එරට හමුදාවට එකතුවීමට සිය කැමැත්තෙන් පැමිණෙන විදේශිකයන්ට නීතිමය අවසරය ලබාදීලා තියෙනවා. එරට හමුදාව සමග ගිවිසුම්ගතව හමුදාවට බැඳෙන්න පුළුවන්.
අතට ම කොටු කර දීලත් දේශපාලන අතපෙවීම් නිසා ජාවාරම්කාරයන්ව අත්අඩංගුවට ගත්තෙ නෑ…
මිනිස් ජාවාරම ප්‍රථම වරට මාධ්‍යයට හෙළි කළ බිමල් රුහුණගේ…
ගිවිසුම්ගත කාලසීමාවට යම්කිසි වැටුප් ගෙවීම්, ප්‍රසාද දීමනා ගෙවීම් කෙරෙන අවස්ථා තියෙනවා. කිසිම ගෙවීමක් නොගෙවන ගිවිසුම්ගත වීම් තියෙනවා. ගෙවීම් කරන ගිවිසුම්වලදී හමුදාවට බැඳෙන පුද්ගලයාගේ නමට රුසියාවේ බැංකුවක ගිණුමක් ආරම්භ කරලා එම ගිණුමට වැටුප්, සියලු ප්‍රසාද දීමනා බැර කරනවා. ඒක රුසියාවේ නීතියක්. රුසියාවේ බැංකුවක ගිණුමක් විවෘත කළ හැටියේ සක්‍රීය වෙන්නෙත් නෑ. බැංකු කටයුතු සිදු වෙන්න මාසයක්, දෙකක්, තුනක් යන අවස්ථා තියෙනවා. ඒ වගේ ම කොච්චර දක්ෂ වුණත්, භාෂාව, දේශගුණික තත්ත්වයන්, සංකීර්ණ අවි ආයුධ පාවිච්චි කිරීමේ දී අපේ රණවිරුවන්ට විවිධාකාර ගැටලු මතු වෙලා තියෙනවා. සටන් බිමේදී අනතුරට පත් වෙන පුද්ගලයන්ව රෝහල්ගත කිරීමට කටයුතු කරන්නෙ නෑ. රතුකුරුස හමුදාවක් නෑ. අනතුරට පත් වෙච්ච අය රෝහලකට පැමිණියොත් ජීවිත බේරෙනවා. නැති නම් මැරෙනවා. එවැනි වාතාවරණයක මෙරට රණවිරුවන් රුසියාවේ යුද මෙහෙයුම්වලට සම්බන්ධ කිරීම අනුමත කරන්න බෑ. ඒත් මේ වෙන තෙක් රුසියාවේ යුද මෙහෙයුම්වලට සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් නිදහස් කර ගැනීමට මෙරට රජය ක්රමාණුකූලව මැදිහත් වෙලා නෑ. රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයක් යටතේ අපේ රණවිරුවන්ව මෙරටට ගෙන්වා ගන්න පුළුවන්. ඉන්දියාව රාජතාන්ත්‍රිකව මැදිහත් වෙලා රුසියානු යුද බිමේ හිටිය ඉන්දියානුවන් නිදහස් කරගෙන තියෙනවා. අපිටත් ඒක කරන්න පුළුවන්…” උදයංග වීරතුංග මහතාගේ කතාව ද අවසානය.
රුසියානු, යුක්රේන් යුද බිමේ දී බෝම්බ පිපිරීම්, ගුවන් ප්‍රහාරවලට හෝ වෙඩි වැදී මැරී වැටී කුණු වී යන මළ කඳන්වල වීඩියෝ දර්ශන දකිනවිට තිස් අවුරුදු කොටි ත්‍රස්තවාදය සිහියට නැඟිණි. ම්ලෙච්ඡ කොටි ත්රස්තවාදීන් විසින් මෙරට පුරා බස් රථ, දුම්රිය, ආගමික සිද්ධස්ථානවල බෝම්බ පුපුරුවා කළ විනාශය සිහිපත් වනවිට හදවත තිගැස්සිණි. ගත හිරිවැටිණි. එවැනි ත්රස්තවාදයක් විනාශ කර, මව්බිම නිදහස් කරගත් උදාර රණවිරුවන් විශ්‍රාම සුවයෙන් ගත කරනවා වෙනුවට කුලී හේවායන් ලෙස වෙනත් කොදෙව්වක, යුද කලාපයක මුදලට සටන් කිරීමට තරම් අසරණ තත්ත්වයට පත් වී සිටිනුයේ ඔවුන්ගේ වරදින් නොවේ. මෙරට පාලන තන්ත්රයේ වරදිනි. මානුෂීය මෙහෙයුම අතරතුර සහ අවසානයේ ජාතියේ මුරදේවතාවුන් සේ ගෞරවය දැක් වූ රණවිරුවන්ට කුඩම්මාගේ සැලකිලි දැක්වීමේ වරදිනි. එහෙයින් වෙනත් කොදෙව්වක මියැදෙන්නට පෙර ඒ අසරණයන්ව ගෙන්වා ගැනීමට මෙරට රජය කඩිනමින් මැදිහත් විය යුතුය. එය මානුෂීය යුතුකමකි.
තරංග රත්නවීර