බ්‍රහස්පතින්දා, 23 මැයි 2024 11:32

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෙසක් දින පණිවිඩය Featured

වෛශාඛ්‍ය මංගල්‍යය යනු සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය අනුස්මරණය කරන ලෝක බෞද්ධ ජනතාවගේ පූජනීය දිනයකි.

ආමිස පූජා මෙන්ම ප්‍රතිපත්ති පූජාවන්ට මුලිකත්වය දෙමින් ශ්‍රී ලාංකේය ජනතාව මෙන්ම දෙස් විදෙස් බෞද්ධ සිව්වනක් පිරිස ඉතා බැතියෙන් වෛශ්‍යාඛ්‍ය මංගල්‍යය සමරනු ලබන්නේ එය සම්බුද්ධ පූජාවක් ලෙස සළකමිනි.

බුද්ධත්වය උදෙසා බුදුන් වහන්සේ තුළ තිබූ සම්මා වීර්යය, අප සැවොම මේ අසීරු මොහොතේ රටක් ලෙස ඇති කර ගත යුත්තේ ‘යහපත් හෙට දිනක් වෙනුවෙන් අද දවස කැප කිරීමට “මත්තාසුඛ පරිච්චගා – පස්සෙ චෙ විපුලං සුඛං” ලෙස කර ඇති බුද්ධ දේශනාව පදනම් කර ගෙනය.

“සබ්බත්ථ සම්මානසො” සියල්ලන්ට සමානව සැලකීමේ සමානාත්මතා සම්බුද්ධෝපදේශනය අද දින අප සිහි කළ යුතුවාක් මෙන්ම රටක් ලෙස එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට වග බලා ගැනීම ද මේ වෙසක් දා බුදුන් උදෙසා පිදිය හැකි මහඟු බුද්ධ පූජාව වන්නේය.

ජාති, ආගම්, කුල භේද මෙන්ම පක්ෂ පාට නොතකා එකාවන්ව එක්ව, ගොඩනඟමින් ඇති රට සුවපත් කරන්නට අප සැවොම පෙළ ගැසිය යුතුය. ලිච්ඡවි රාජ ධර්මය ඒ සඳහා අපට මග පෙන්වනු ඇත.

සීඝ්‍ර ලෙස භෞතිකව සංවර්ධනය කරා පිය මනින ලෝකය තුළ ආකල්පමය සංවර්ධනයකින් යුත් ආධ්‍යාත්මික ආචාරශීලි ‘මිනිසකු‘ නිර්මාණය කර ගැනීමට මේ වෛශාඛ්‍ය මංගල්‍ය යේ ඇති කර ගත යුතු ප්‍රමුඛතම අරමුණ බව සිහිපත් කරමින් සැමට පිංබර වෙසක් මංගල්‍යයකට සුභාශිංසන එක් කරමි.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website