සෙනසුරාදා, 25 මැයි 2024 09:05

යොදාගත් පරිදිම LPL ඉදිරියට ඇදෙයි Featured

තරග පාවාදීම් සම්බන්ධව ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකළේ යැයි සැකපිට දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවකු අත්අඩංගුවට පත් වුවද ලබන ජූලි මස පැවැත්වීමට සැලසුම් කර පරිදිම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට පියවර ගනු ලබන බව එහි සංවිධායක අයිතිය හිමි අයි.පී.ජී. ආයතනය නිවේදනය කර සිටියි.

සාධාරණ මෙන්ම ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සහතිකය කිරීමට ඇති කැපවීම අලලා තරගාවලිය යොදාගත් පරිදිම කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් සම්පූර්ණ තරග කාලටසහන සමඟින් ඉදිරියට යනු ඇත.

දඹුල්ල කණ්ඩායම තෝරා ගැනීමේදී සිදුවූ තීන්දු තීරණ කිසිවක වෙනසකින් තොරව නව හිමිකාරීත්වයක් යටතේ තරගාලිය පැවැත්වීම කෙරෙහි තරග සංවිධායකයින් මේ වන විටත් අවධානය යොමු කොට තිබේ. දඹුල්ල කණ්ඩායමේ අඛණ්ඩ සහභාගිත්වය පිළිබඳව අවධානය යොමු කර තිබෙන අයි.පී.ජී. ආයතනය එම කටයුත්තේ අවසන් අදියරයට මේ වන විටත් පැමිණ සිටින බවද දැනුම් දී සිටියි.

තරගාවලයේ සංවිධාන අයිතිය හිමි අයි.පී.ජී. සමාගම සෑම විටම එය ඉහළම ප්‍රමිතියකින් යුක්තව පැවැත්වීම කෙරෙහි ඇති හැකියාව පිළිබඳව නිරන්තරයෙන්ම කැපවී සිටින ආයතනයකි. ඒ අනුව තරගාවලිය පුරාවම එහි අඛණ්ඩතාවය සහ ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කරමින් පවත්වනු ලබන බව එම අයාතනය සියලුම ක්‍රීඩකයින්ට, ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම පාර්ශ්වකරුවන්ට දැනුම් දී සිටියි.

“එල්.පී.එල්. තරගාවලියේ සංවිධායකයින් විදියට අයි.පී.ජී. සමාගම නිරන්තරයෙන්ම ඉහළම ප්‍රමිතීන් රඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. එම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා අපි නොසැලී කැපව සිටිනවා පමණක් නොවෙයි. තරගාවලිය පුරා ම ක්‍රිකට් ක්‍රීඩාවේ ගරුත්වය ආරක්ෂා කරන බවට අපි සියලුම ක්‍රීඩකයින්ට, ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම සියලුම පාර්ශ්වකරුවන්ට සහතික වෙනවා“ යැයිද මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් අයි.පී.ජී. සමාගේ සභාපති අනිල් මොහාන් දැනුම් දී සිටියි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි මස 01 වැනිදා සිට 21 වැනිදා දක්වා මහනුවරින් ආරම්භ වී පසුව දඹුල්ලේදීත් අවසන් අදියර කොළඹදීත් පැවැත්වීමට සැලසුම් යොදා තිබේ.

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website