සදුදා, 27 මැයි 2024 10:04

මහා සංඝරත්නය පිඬු සිඟා වැඩ නව මාවත විවෘත කෙරේ පොල්ගස්ඕවිට වෙනිවැල්කොළ පාසල් මාවත ජනතා අයිතියට Featured

2024 වසරේ මාර්ග කිලෝමීටර් 1500ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් ආරම්භ කළ පළමු මාර්ග ව්‍යාපෘතිය වන පොල්ගස්ඕවිට, වෙනිවැලකොළ පාසල් මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් අනතුරුව ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කාපට් අතුරා සංවර්ධනය කළ කිලෝ මීටර් 1.650ක් පමණ වන මේ මාර්ගය වෙසක් පොහොය නිමිති කරගනිමින් වෙනිවැල්කොළ සිරි නන්දාරාම විහාරස්ථානයෙන් සංවිධාන කළ ගෞරවනීය මහා සංඝරත්නයේ පිණ්ඩපාත චාරිකා පින්කමක් සිදු කරමින් ජනතා අයිතියට පත් කිරීම සුවිශේෂී අවස්ථාවක් බවට පත් විය.

ඒ අනුව ප්‍රදේශයේ විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නය තිස් නමකට අධික පිරිසක් ප්‍රතිසංස්කරණය කළ මාර්ගය ඔස්සේ පිණ්ඩපාත චාරිකාවේ නිරත වෙමින් සිරි නන්දාරාම විහාරස්ථානය දක්වා වැඩම කරමින් උදෑසන ආගමික වතාවත්වල නිරත විය.

මීට සමගාමීව වෙසක් සතිය නිමිති කරගනිමින් සංවර්ධනය කළ වෙනිවැල්කොළ සුදර්ශනාරාම පුරාණ විහාර පිවිසුම් මාර්ගය ද ඇමැතිවරයා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

වෙනිවැල්කොළ සිරි නන්දාරාම විහාරාධිපති බැරගම සිරි ඥානසිරි නාහිමියන්ගේ ආරාධනය පරිදි වැඩම කළ ගෞරවනීය මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් සිදු කළ මේ මාර්ග ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභාවේ ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන්,ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ghjyjuyuy

DM

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website