බදාදා, 29 මැයි 2024 13:37

පැල්මඩුල්ලේ බස් අනතුරකින් 27 ක් රෝහල් ගත කෙරේ – 07 දෙනෙකුට බරපතළයි Featured

කොළඹ ඇඹිලිපිටිය සහ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පැල්මඩුල්ල නගරය පසුකර මිටර් පන්සියයක් දුරින් පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරකට ලක්වීමෙන් පුද්ගලික බසය මාර්ගයෙන් ඉවතට පෙරළිමෙන් හේතුවෙන් පුද්ගලයින් 27දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙයි.

අද උදෑසන 6.15 ට පමණ මෙම අනතුර සිදු වී ඇත.

ඇඹිලිපිටියේ සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක් බසයේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුර වැළැක්වීම සඳහා බසය මාර්ගයෙන් ඉවතට ගැනීමට රියදුරු උත්සාහ කිරීමේ දී පස බුරුල් වී තිබීම නිසා බසය අසල තිබූ ප්‍රපාතයකට පෙරලී තිබෙයි .

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ 07 දෙනෙකු රත්නපුර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තවත් 20 දෙනෙකු කහවත්ත රෝහලට ඇතුළත් කර තිබේ .

අනතුරින් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

gnhjhjhj

vnbnhjj

DN

 

//

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website