සදුදා, 27 පෙබරවාරි 2023 07:55

කොහුවල මංසන්ධියේ රථ වාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක් Featured

කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමෙහි ඉදිකිරීම් කටයුතු පෙබරවාරි 22 වන දින සිට ආරම්භ කර මැයි මස 31 වනදා දක්වා සිදුකිරීම නියමිත බව මාර්ග සංවර්ධන අධිකාරීය මගින් දැනුම් දී ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව එම ඉදිකිරීම් කාලය තුළ කොහුවල හන්දිය හරහා ගමන් කිරීමට මගී බස්රථ හා සැහැල්ලු වාහන සඳහා හැකියාව ඇති නමුත් ගුවන් පාලමේ ඉදිකිරිම් සිදුවන බැවින් අධික මාර්ග තදබදය හේතුවෙන් සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මහජනතාව දැනුවත් කිරීම සඳහා විකල්ප මාර්ග සඳහන් දැනුවත් කිරීමේ පුවරු විලියම් මංසන්ධිය - ගාලු පාර, නුගේගොඩ මංසන්ධිය, කිරුළපන මංසන්ධිය, බොරලැස්ගමුව මංසන්ධිය, පැපිලියාන මංසන්ධි⁣ය, පාමංකඩ මංසන්ධිය හා අධිවේගී මාර්ගය-කහතුඩුව පිවිසුම යන ස්ථානයන් හි සවිකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

 

7a9ab9b1f2a8347ffa54b37345a0113e

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website