බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 14:18

බාලිකා පාසලක නේවාසිකාගාරයේ දරුණු පහරදීම්.. සිසුවියන් 11ක් රෝහලට.. Featured

යාපනයේ ඌකාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ අමානුෂීය ලෙස සිදු වන පහර දීම් ඉවසා ගත නොහැකිව සිසුවියන් 11 දෙනෙකු පොලිසියට පැමිණ භාර වීමත් සමඟම පොලිසිය එම නේවාසිකාගාරයේ පාලිකාව අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ ඌකාවතුරේ පොලිසිය වෙත එම සිසුවියන් පැමිණ බහාර වූ අවස්ථාවේදී ඔවුන්ගෙන් ප්‍රකාශයන් ලබා ගැනීමටවත් නොහැකි ලෙස සිසුවියන් පහර කා සිටි බව පොලිසිය ප්‍රකාශ කළේය.

වහාම එම සිසුවියන් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

 පසුව පොලිසිය එම නේවාසිකාගාර පාලිකාව අත්අඩංගුවට ගෙන ඌර්කාවතුරේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයව දින දෙකකට රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා තමන් යාපනය ශික්ෂණ රෝහලට ගොස් සිසුවියන්ගේ තත්ත්වය සොයා බලන තෙක් කිසිදු භාහිර පුද්ගලයෙකුට එම සිසුවියන් හමුවීමට ඉඩ නොතබන ලෙසද පොලිසියට නියෝග කොට තිබේ.

 සිසුවියන්ගේ මවුපියන්ටද සිසුවියන් හමු වීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙස ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියන්ගෙන් වෙන වෙනම ප්‍රකාශ ලබා ගෙන යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ වාර්තා මෙන්ම ඉතා සූක්ෂම තොරතුරු පවා ඇතුළත් වන ආකාරයට ලබා ගන්නා ලෙස පොලිසියට නියෝග කර ඇත.

 ඒ අනුව යාපනයේ ඌර්කාවතුරේ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යයි.

 – රසුර දිල්හාර ගමගේ

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website