සදුදා, 27 පෙබරවාරි 2023 08:02

සරසවිවලට ඇතුළු වල සියළු සිසුනට නීතිමය ගිවිසුමක්.. Featured

විශ්වවිද්‍යාල සිසුන් සමාජයට වගකිව යුතු පුද්ගලයකු බවට පත් කරන නව සංශෝධන රැසක් ඇතුළත් කරමින් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යාවත්කාලීන කිරීමේ කටයුතු රජය දැන් ආරම්භ කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සියලුම සිසුන්ට නීතිමය ගිවිසුමකට යටත් කිරීමට අදාළ සංශෝධන ඇතුළත් කෙරෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන්ප්‍රකාශ කළේය.

උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ විශ්වවිද්‍යාල තුළ නවක වද, දේපළ අලාභ හානි මෙන්ම කලහකාරී සිදුවීම්වලට විශ්වවිද්‍යාලවල ඇතැම් සිසුන් ක්‍රියාකාරී වශයෙන් සම්බන්ධ වී ඇති හෙයින්, ඉදිරියේදී විශ්වවිද්‍යාලවලට ඇතුළු වන සියලු සිසුන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙර නීත්‍යනුකූල පොරොන්දු ගිවිසුමක් අත්සන් කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බවය.
මෙම පොරොන්දු ගිවිසුම නීත්‍යනුකූල පදනමින් යුතුව සකස් කිරීමට නියමිත බවත්, එම ගිවිසුම කඩ කරන්නන් වෙනුවෙන් ඊට අදාළ දඬුවම් ද හඳුන්වා දීමට නියමිත බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන එක් සිසුවකු වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 8ක් වැය කරන බවත්, අධ්‍යාපන ලබන වසර 4ක කාලය වෙනුවෙන් ලක්ෂ 32ක් රජයට වැය කරන්නට සිදුව ඇති බවත් එහෙයින් බදු ගෙවන පුරවැසියාට සාධාරණයක් ඉටු කරදීම රජයේ වගකීම වන බවත් රාජ්‍ය ඇමැතිවරයා සිළුමිණට හෙළි කළේය.

ඒ අනුව විශ්වවිද්‍යාල තුළ නේවාසිකව ගත කළ යුතු කාලය උපරිමය වසර 5කට සීමා කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා යම් හෙයකින් ඊට අමතරව යමකුට විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම් විශ්වවිද්‍යාලයෙන් පිටවී මාර්ගගත ඉගෙනුම් ක්‍රම හරහා එය ලබා ගත යුතු ලෙස නීතිය සකස් කෙරෙන බව අවධාරණය කළේය. මෙම නීති උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති සියලු අධ්‍යාපන ආයතන හා විශ්විද්‍යාලවලට අදාළ වන බව ද හෙතෙම කියා සිටියේය.

– සුභාෂිණි ජයරත්න

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website