අඟහරුවාදා, 04 ජූනි 2024 10:09

උඩරට මැණිකේ දුම්රියෙන් ගිය විදේශිකයෙකු උමගේ ගැටි ජිවිතක්ෂයට… Featured

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියෙන් ගමන් ගත් විදේශිකයෙකු දුම්රිය උමගේ ගැටි (03) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසිය.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු එම දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කල විදේශිකයා (03) දින පස්වරු 4 ට පමණ මෙසේ දුම්රිය උමගේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇත.

 නානුඔය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන දෙක අතර 19 දුම්රිය උමග අසලදි විදේශිකයා උමගේ ගැටි ඇති බවත්, මියගිය විදේශිකයාගේ සිරුර එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් හපුතලේ දුම්රිය ස්ථානය දක්වා රැගෙන ගොස් ඇති බවද එම නිලධාරියා පැවසිය.

 

– රංජිත් රාජපක්ෂ

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website