බ්‍රහස්පතින්දා, 06 ජූනි 2024 10:12

ගං වතුර බැස යාමත් සමග මී උණ ඉහලට… Featured

ගංවතුර තත්ත්වයන් බැසයාමත් සමග මී උණ වැනි රෝග ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ මහත්මීය පැවසීය.

ඒ හේතුවෙන් ජලය තුළ බැස සිදු කරන කටයුතු වඩා විමසිලිමත්ව කළ යුුතුය.

 ගංවතුර තත්ත්වයන් පවතින ප්‍රදේශවල ජනතාව සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර තිබේ.

 බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු විය හැකි බැවින් හැකිතාක් ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතුය.

 හැකිතාක් මේ දිනවල උතුරා නිවාගත් ජලය පානය කිරීම ඉතා වැදගත් වෙයි .

 අමුවෙන් ආහාරයට ගතහැකි ආහාර මේ දිනවල ගැනීමෙන් හැකිතාක් වැළකිය යුතු අතර පිසු ආහාර පමණක් ආහාරයට ගැනීම සිදුකල යුතුය.

 පිසින ලද ආහාර වසා තබා ආහාරයට ගැනීම ඉතා වැදගත් බව පැවසුවාය.

 යම් හෙයකින් සාමාන්‍ය දිනට වඩා මළ පහ යන වාර ගණන වැඩිනම් හෝ පාචන තත්වයට පත්ව ඇත්නම් ජීවනී පානය කිරීම ඉතා වැදගත්ය

 මේ අතර යම් කිසි පුද්ගලයකුට ශරීරයේ යම් අපහසුතාවයක් ඇති වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ 1999 කෙටි දුරකතන අංකය අමතන ලෙස වැඩිදුරටත් පැවසීය.

 – නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website