සිකුරාදා, 07 ජූනි 2024 08:59

විදුලිබල කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 44කින් සම්මතයි Featured

– පක්ෂව 103යි

– විරුද්ධව 59යි
– මන්ත්‍රීවරු 62ක් සභාවේ නෑ
– ජාජබ-සජබ-ස්වාධීන මන්ත්‍රීවරු විරුද්ධයි

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (06) සම්මත විය.

පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීම සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේදී දෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 44කින් සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් සහ විරුද්ධව ඡන්ද 59ක් ලැබුණු අතර, ඡන්ද විමසීම සිදු කරන අවස්ථාවේ සභා ගර්භයේ මන්ත්‍රීවරු 62ක් නොසිටියහ.

මෙහිදී සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය මෙන්ම ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය විමසීම සිදුවන අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය සභා ගර්භයේ නොසිටියහ.

විපක්ෂයේ අසුන්ගෙන සිටින අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනවිරත්න, ප්‍රියංකර ජයරත්න, අලි සබ්රි රහීම්, ඒ.එච්.එම් ෆවුසි, නිමල් ලංසා යන මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අනතුරුව පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරනු ලැබිණි. ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ඊයේ (06) පෙරවරු 11.30ට පමණ ආරම්භ කළ අතර, එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අදහස් පළ කිරීම සිදු කළහ.

අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් බෙදීමක් අවශ්‍ය බව සඳහන් කළ අතර, ඒ අනුව දෙවැනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසුම පැවැත්විණි.

 DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website