මෙම තත්වය නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වයට අදාළ දර්ශක සියල්ල පහත දැමූ අතර ඉන් අනතුරුව විදේශ සෘජු ආයෝජන සහ විදේශ ණය ලබා ගැනීමේ හැකියාව බින්දුවට වැටී ඇත .
පසුගියදා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් මගින් රාජ්‍ය භාණ්ඩාගාරය සිඳී ඇති බව දැනුවත් කර ඇත.
මේ අතර ඉහත සඳහන් කර ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව සහ විවිධ බහුපාර්ශ්වික රාජ්‍යයන්ගෙන් ලබා ගෙන ඇති සහන ණය ගෙවීම සඳහා මේ වසරේ මුල් මාස හය සඳහා ඩොලර් බිලියන 2.6 ක් අනුමත කර ඇති අතර එම මුදල් සපයා ගන්නා ලෙස ලේකම්වරයාට උපදෙස් දී ඇත .
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමට පවත්වනු ලබන මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් විවිධ රාජ්‍යයන්ගෙන් ලබා ගත් ණය ගෙවීම ශ්‍රී ලංකා රජය විසින් තවදුරටත් කරගෙන යන බව ප්‍රකාශ කර ඇත.
ඉදිරි මාස හය සඳහා ණය වාරික වශයෙන් ඩොලර් බිලියන දෙකක්ද පොළිය වශයෙන් ඩොලර් මිලියන 540 ක් ද ගෙවීමට ඇත.
මේ අතර ඩොලර් මිලියන 709 ක ශ්‍රී ලංකා සංවර්ධන ඇපකර සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 46ක් ගෙවීමට ඇත.
මේ අතර 2023 ප්‍රථම භාගයේ දී ඩොලර් මිලියන 300 ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ ලබා ගැනීමට රජය බලාපොරොත්තු වේ.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කළේ මෙම සියලු ණය ගෙවීම් 2023 අයවැය ලේඛනය මගින් පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති ණය සීමාව වන රුපියල් ට්‍රිලියන 5 යටතේ සිදුකරන බවයි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක් වූ මූල්‍ය විශ්ලේෂකයකු සඳහන් කළේ,
1. රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සඳහාත්, විවිධ රාජ්‍යයන්ගේ ණය මේ ආකාරයට ගෙවීම නිසා රජය විසින් ප්‍රකාශ කර ඇති සමස්ත විදේශ ණය ඩොලර් බිලියන 50.1 ක ප්‍රමාණයේ සංයුතිය වෙනස් වන බවයි.
එසේ නොමැති නම් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති පිටත හිඟ හිමි ණය ප්‍රමාණය වන ඩොලර් බිලියන 50.1 ක් වූ ප්‍රතිව්‍යූහගත කිරීමට සැලසුම් කර ඇති ණය මුදලට අමතරව තවත් රාජ්‍ය ණය පැවතිය හැකි බවයි.
කෙසේ වුවද මුදල් අමාත්‍යාංශය මගින් මුල්‍ය ආයතන සහ බහුපාර්ශ්වික
ණය ඉවත් කර ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන ණය ප්‍රමාණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු බව ඔහු වැඩි දුරටත් සදහන් කලේය.
LIN news.