ඉරිදා, 09 ජූනි 2024 10:40

වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් කුඹුරු අක්කර 15,000ක් විනාශයි.. වගා හානි රැසක්.. Featured

අධික වර්ෂාවෙන් දිවයින පුරා කුඹුරු අක්කර 15000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

බස්නාහිර පළාතේ ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් වගා හානි සිදුව තිබේ.

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ගණනය කිරීමෙන් අනතුරුව වගා හානි සදහා වන්දි ලබාදිමට පියවර ගන්නා බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

 පසුගියදා ඇති වු අධික වාර්ෂාව හේතුවෙන් මේ වනවිට වී වගා කළ කුඹුරු බොහොමයක් ජලයෙන් යටවී තිබේ.
එම කුඹුරු ද විනාශ වීමේ වැඩි ඉඩක් පවතියි.

 ඇතැම් කුබුරු සතියකට වැඩි කාලයක සිට ජලයෙන් යටවී පවතියි.

 මේ අතර පහත් බිම් ප්‍රදේශ වල වගා කර තිබූ තේ,කුරුදු,ගම්මිරිස් ,පළාවර්ග සහ එළවළු ජලයෙන් යටවීම නිසා විනාශ වී තිබේ.
එසේ සිදුවූ හානි පිළිබඳ තක්සේරු කටයුතු ඉදිරියේදි ආරම්භ කිරීමට නියමිතයි.

 – නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website