සදුදා, 10 ජූනි 2024 10:09

රුපියල් කෝටි 30ක හෙරොයින් කාගේද? Featured

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “අහුංගල්ලේ ලොකු පැටී” නම් පුද්ගලයාගේ ප්‍රධාන සගයින් තිදෙනෙකු රුපියල් කෝටි 30කට ආසන්න හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කහතුඩුව, කැබැල්ලගහවත්ත ප්‍රදේශයේ නිවසකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරුවන් සතුව තිබී රුපියල් කෝටි 30කට ආසන්න වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 13කට ආසන්න ප්‍රමාණයක්, පිස්තෝල 02ක් සහ ව්‍යාජ අංක තහඩු යොදන ලද මෝටර් රථ 02ක් පොලිස් බාරයට ගෙන තිබේ. මෙම හෙරොයින් තොගය කවුරුන් විසින් එවන ලද ඒවා දැයි කියා පුලුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

DVN

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website