අඟහරුවාදා, 11 ජූනි 2024 11:09

බාල අක්ෂි දියරය ගැන දැනගන්නා විට ඖෂධ කුප්පි 21510ක් රෝගීන්ට දීලා – විගණකාධිපති කියයි Featured

අක්ෂි රෝගීන් සඳහා සිදු කෙරෙන ශල්‍යකර්මයෙන් පසු භාවිත කරන ‘ප්‍රෙඩ්නිසිලෝන්’ ඇස් දියරය තත්ත්වයෙන් බාල බව සොයා ගන්නා විටදී ඉන් කුප්පි 21510ක් රෝගීන්ට ලබාදී ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කරයි.

මෙම අක්ෂි දියරය භාවිත කිරීමෙන් ජාතික අක්ෂි රෝහලේ රෝගීන් දෙදෙනකු පූර්ණ අන්ධභාවයට ද නුවරඑළිය මහ රෝහලේ රෝගීන් පහළොස් දෙනකු පමණ අසාත්මික ප්‍රතික්‍රියාවන්ට ද ලක්ව ඇතැයි, විශේෂඥ වෛi, ජී.ජී. චමල් සංජීව මහතා පවසයි.

මෙම බරපතළ ප්‍රතික්‍රීය තත්ත්වයන් ඇතිවී මේ වනවිට වසරකට අධික කාලයක් ගතව ඇතත්, ආබාධිත තත්ත්වයට පත්වූ රෝගීන් සඳහා පොරොන්දු වූ වන්දි මුදල් ලබාදීමට පියවර ගෙන නොමැති බවත් වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා සහ ලේකම්වරයා ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කරයි.

සුජීව තත්සර

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website