ඉරිදා, 16 ජූනි 2024 08:50

මියන්මාරයේ සයිබර් කදවුරේ රදවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම ගැන විශ්වාසයක් Featured

මියන්මාරයේ සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා ගෙන සිටින බව තමන්ට මියන්මාර සංචාරයේ දී දැන ගැනීමට ලැබුණු බවත් ඒ අතුරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් වන බවත් විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ මියන්මාරයේ සහ තායිලන්තයේ සංචාරයක් නිම කර කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත (15) සවස පැමිණ සිටියදීය .

එහිදී අදහස් දැක්වූ තාරක බාලසූරිය අමාත්‍යවරයා ” අපිට යම්කිසි විශ්වාසයක් තියෙනවා , මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් 49 දෙනා අතුරින් කීප දෙනෙකු ඉදිරියේ දී මුදා ගැනීමට හැකි වේ යැයි ” ද පැවසීය .

අමාත්‍යවරයා මියන්මාරයේ සංචාරයට අමතරව තායිලන්තයේ ද සංචාරයක නිරත වෙමින් එම රටවල නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරුන් , විදේශ කටයුතු අමාත්‍යවරුන් , අධිකරණ සහ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කීපයක් ද හමු වී සාකච්ඡා කළ අතර එහිදී මියන්මාරයේ මෙම සයිබර් කදවුරු තුළ ලෝකයේ විවිධ රටවල තරුණ පුරවැසියන් ලක්ෂයකට අධික පිරිසක් බලහත්කාරයෙන් රදවා තබා ගෙන සිටින බවත් ඔවුන් අතරින් 53,000 ක පිරිසක් චීන ජාතිකයන් බවත් තමන්ට අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද කියා සිටියේය.

කටුනායක ටී.කේ.ජී.කපිල

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website