ඉරිදා, 16 ජූනි 2024 09:15

කෞතුක භාණ්ඩ 7157ක් අස්ථානගත වෙලා Featured

මෙරටට නිදහස ලැබීමටත් පෙර සිට (1877 සිට 1957) ඉකුත් වසර අසූවක කාලයේ දී කෞතුක භාණ්ඩ වර්ග 07කට අයත් භාණ්ඩ 7157ක් මෙරට කෞතුකාගාරවලින් අස්ථානගත වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

2022 වර්ෂයට අදාළව සිදුකරනු ලැබූ කෞතුක භාණ්ඩ සමීක්ෂණ වාර්තාවට අනුව 1877 සිට 1957 දක්වා කාලයේ දී මෙකී කෞතුක භාණ්ඩ අස්ථානගත වී ඇති බව විගණනය මගින් අනාවරණය කර ඇත. මෙකී කෞතුක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම කෞතුක භාණ්ඩ භාරකාරිත්වය හා ආරක්ෂා කිරීම සම්බන්ධ ගැටලු, ඒවාට අදාළ ලිපිගොනු විධිමත්ව පවත්වා නොගැනීම, නිලධාරීන් වෙනස්වීමේ දී භාණ්ඩ භාරකාරිත්වය නිසි පරිදි නොපැවරීම ආදී දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලනයේ දුර්වලතා මේ සඳහා හේතුවී ඇති බැව් විගණනය මගින් අනාවරණය කර තිබුණි.

මෙම තොරතුරු සඳහන්ව ඇත්තේ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේය.

ලලිත් චාමින්ද

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website