සදුදා, 17 ජූනි 2024 09:17

කිරුළ අතහැර පැවිදි දිවියට පත් වියට්නාමයේ රූ රැජන Featured

එලිසබෙත් සුජාතා භික්‍ෂුණිය මිහින්තලේ පිණ්ඩපාත චාරිකාවේ

මෙවර ද රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පැවැත්වීමට තීරණය කර ඇති මිහින්තලේ 2332 වන පොසොන් පිංකම සඳහා ජනතා දායකත්වය ලබාගැනීමට මිහින්තලේ නායක හිමියන්, ලෝක රූ රැජනකව සිට පැවිදි දිවියට පත් එලිසබෙත් සුජාතා භික්ෂුණිය ඇතුළු මහා සංඝරත්නය පෙරේදා (15දා) පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළහ.

මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා එක් වූ ආචාර්ය එලිසබෙත් භික්ෂුණිය, පැවිදි දිවියට එළැඹීමට පෙර වියට්නාමයේ රූ රැජන ලෙස සිව් වතාවක් කිරුළු දරා ඇති අතර 2006 වසරේ ලෝක රූ රැජන ලෙස කිරුළු පැළඳියාය. අනතුරුව ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් ඇය සියලු සම්පත් අතහැර උතුම් පැවිදි දිවියට එක්වූවාය.

මෙහිදී අදහස් දැක්වූ එලිසබෙත් සුජාතා භික්ෂුණිය කියා සිටියේ මෙවර පොසොන් උත්සවය සඳහා තමන් ඇතුළු දූත පිරිස මිහින්තලයට වැඩම කළ බවය. තමන් ශ්‍රී ලංකාවට මෙන්ම මෙරට පුරවැසියන්ට වඩා කැමති බවත්, මෙවර පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා නාහිමියන්ට උදව් උපකාර කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

මිහින්තලේ – රංග චතූ

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website