සදුදා, 27 පෙබරවාරි 2023 20:50

ක්‍රීඩා ඇමති ක්‍රීඩාව සම්බන්ධයෙන් පනවා ඇති රෙගුලාසිවලට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් Featured

ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව සම්බන්ධයෙන් පනවා ඇති රෙගුලාසිවලට අභියාචනාධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් පැනවීය.

ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාව සම්බන්ධයෙන් පනවා ඇති නව රෙගුලාසිවලට එරෙහිව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ රීට් පෙත්සම අද (27) විභාගයට ගැනුණ අතර ඒ, බන්දුල කරුණාරත්න හා එම්.ඒ.ආර්.මරික්කාර් යන විනිසුරුවන් ඉදිරියේ දීය.

නඩුවේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් වන තෙක්, ක්‍රීඩා අමාත්‍යවරයා පනවා ඇති රෙගුලාසි වළක්වාලමින් අධිකරණය අද (27) අතුරු තහනම් නියෝගයක් පැනවීය.

පෙත්සම ලබන ජූනි 22 වැනිදා නැවත විමසා බැලීමට නියමිතයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website