බදාදා, 19 ජූනි 2024 20:50

වැරදි ඖෂධ භාවිතයට දැඩි ක්‍රියාමාර්ග අවශ්‍යයි - විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා Featured

ඉදිරියේදී වැරදි ඖෂධ භාවිතය හේතුවෙන් ඇතිවන ගැටලු වළක්වා ගැනීම සඳහා වත්මන් සිදුවීම් වලට එරෙහිව නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන්නැයි එක්සත් ජනරජ පෙරමුණ ඉල්ලා සිටී.

එහි සාමාජික  විශේෂඥ වෛද්‍යය නිලුපුල් පෙරේරා මහතා කියා සිටින්නේ ඒ සඳහා සමස්ත නීතිවේදීන් එක් විය යුතු බවයි. වැරදි ඖෂධයක් හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයක් හානි වී ඇත්නම් එය මනුෂ්‍ය ඝාතනයක් බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. එවැනි තත්ත්වයකට නීති ක්‍රියා මාර්ග ගත යුත්තේ මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකීමෙනි.

එම වගකීමෙන් මිදීමට රෝහල් බලධාරීන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් සහ තීරණ ගන්නා සියලු බලධාරීන්ට නොහැකි බව ද පෙරේරා මහතා පෙන්වා දෙයි. ඊට අමතරව ඖෂධ නිෂ්පාදනයේ සිට ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව වගකිව යුතුය. ඒ වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණ දැඩිව පෙනී සිටින බව වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා සඳහන් කරයි. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි නීති ක්‍රියාමාර්ග ද නිසි පරිදි ක්‍රියාත්මකයි. එය අතිශය යහපත් තත්ත්වයක් බව ද වෛද්‍යවරයා  ( 2024.02.05 ) දින ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website