බ්‍රහස්පතින්දා, 20 ජූනි 2024 11:10

මහ බැංකුවේ සියළු නිලධාරීන්ට අස්වෙන්නැයි කියයි.. Featured

මහ බැංකුවේ සියලු නිලධාරින් ඉල්ලා අස්විය යුතුව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් ඉහල දැමීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටු වාර්තාව අනුව එම නිලධාරින් ඉල්ලා අස්විය යුතු බවද කිරිඇල්ල මහතා කියා සිටියේය.

‘පාර්ලිමේන්තුව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.විපක්ෂය තමයි මුලින්ම පෙන්නුවේ මහබැංකුවේ නිලධාරීන් 70’ක් පඩි වැඩිකරගෙන තියෙනවා කියලා.

 ආණ්ඩුව අහක බලන් හිටියා. මේ වාර්තාව අනුව ඇත්තටම මහබැංකු නිලධාරීන් ඉල්ලා අස්වෙන්න ඕනැ.

 අපි පාර්ලිමේන්තුවේ කළ චෝදනා මේ වාර්තාවෙන් ඔප්පු වෙනවා.

 පාර්ලිමේන්තුවේ නිලධාරීන් කොච්චර පඩි වැඩි කළත් පාර්ලිමේන්තුවේ අනුමැතිය තියෙන්න ඕනෑ.’

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website