බ්‍රහස්පතින්දා, 20 ජූනි 2024 13:21

ව්‍යවස්ථා සභාව, අධිකරණය ස්වාධීනව ආයතන පද්ධතීන් බව අවබෝධ කරගත යුතුව ඇත - කරු ජයසූරිය Featured

විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර මත ගැටුමක් නිර්මාණය වේ නම් නොපමාව ම එය සමහන් කර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, සභාපති කරු ජයසූරිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ව්‍යවස්ථා සභාව, අධිකරණය හා විධායකය යන ආයතන ස්වාධීනව කටයුතු කරන ආයතන පද්ධතීන් ලෙස පවත්වා ගත යුතුව ඇති සේම අන්තර් අවබෝධයකින් හා ගරුත්වයකින් කටයුතු කිරීම ද ඉතා වැදගත්ය යන්න අප සංවිධානයේ පිළිගැනීමයි. ඒ් අනුව ඒ් ඒ් ආයතන අතර මත ගැටුම් ඇති නොවන ආකාරයට තම වගකීම් හා කාර්යභාර්යයන් හඳුනාගෙන කටයුතු කිරීම එකී ආයතන ත්‍රිත්වයෙහිම වගකිමක් වන බව ද අපගේ අදහසයි.

ඒ් අනුව ඒ අතරින් කුමන හෝ ආයතනයක් තම වගකීම හා කාර්යභාර්යය සපුරාලමින් ලබා‌දෙන තීරණයකට අනෙක් ආයතනයන් ගරු කල යුතුව ඇති අතර යම් මත ගැටුමක් නිර්මාණය වන්නේ නම් ඒ් කිසිදු ආයතනයක් අවතක්සේරුවට හෝ හෑල්ලුවට ලක් නොකිරීම ද ඉතා වැදගත් වනු ඇත.

අද අප රටක් ලෙස මුහුණ දෙමින් සිටින අර්බුද ගණනාවකම ගැඹුරු ස්වභාවය සළකා බැලීමේ දී ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමෙහි හා ප්‍රජාතන්ත්‍රවාදයේ අනාගත යහ පැවැත්ම කෙරෙහි ද අතිශයින් ම සැළකිලිමත් විය යුතුව තිබේ. එහි දි සෑම ආයතනයක් ම කටයුතු කල යුතුව ඇත්තේ ඒ් පිළිබඳව වූ අවබෝධයකිනි. එබැවින් කුමන තත්ත්වයක් තුළ වුව ද මතබේද යාවත්කාලින කල යුතු නැත.  එබැවින් නිර්මාණය විය හැකි කුමන මතබේදයක් වුව ද එය නොපමාව ම සමහන් කර ගන්නා ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සෑම පාර්ශවයකින් ම ඉල්ලා සිටින්නෙමු.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website