සිකුරාදා, 21 ජූනි 2024 08:26

පළමු වසරට සිසුන් ඇතුළත් කර ගන්නා චක්‍රලේඛ විධිවිධානවල වෙනසක් Featured

2025 වර්ෂය සඳහා පාසල්වල පළමුවැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

සංශෝධිත චක්‍රලේඛ උපදෙස් පරිදි 2025 වර්ෂය සහ ඉන් ඉදිරි වර්ෂයන් සඳහා පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිදභාවයෙන් යුතුව සහ අක්‍රමිකතා අවම කිරීම සඳහා පාසල්වල පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම මෙම චක්‍රලේඛ ප්‍රකාරව සිදු කිරීමට නියමිත බව ඇමැතිවරයා කීවේය.

පසුගිය වර්ෂයන්හි ලැබූ අත්දැකීම් මත පදනම්ව දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමටත් එකී සංශෝධිත චක්‍රලේඛ උපදෙස් පරිදි පළමු වැනි ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමටත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව ඒ මහතා පැවැසීය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

ගංවතුර, නාය යෑම් වැනි හේතූන් මත උප්පැන්න සහතිකය අස්ථානගතව, නිසි ලෙස උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර ගැනීමට නොහැකි වුවහොත් එය ප්‍රශ්නයක් නොකරගෙන දරුවා පාසලට ඇතුළත් කර ගැනීමට අවශ්‍ය වෙනත් ක්‍රමවේද ඇතුළත් කරලා තිබෙනවා.

සෑම වර්ෂයකදීම අපේ රටේ දරුවෝ 250,000ත් ලක්ෂ 03ත් අතර ප්‍රමාණයක් පළමු ශ්‍රේණියට ඇතුළු වෙනවා. පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළු කිරීම සඳහා මවුපියන් ඉතා විශාල ලෙස උනන්දුවක් දක්වන අතර එක් එක් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේදී විවිධ හේතුසාධක මත ඒ දරුවා පාසලට ඇතුළු කර ගැනීමේදී විවිධ බාධක දුෂ්කරතාවන්ට මවුපියන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පසුගිය වසරවල ඇතුළත් කිරීමේදී ඇතිවුණු දුෂ්කරතා පිළිබඳ මවුපියන්ගේ දුක් ගැනවිලි පිළිබඳ පූර්ණ අවධානයක් යොමු කරලා ඒ අනුව පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛ අවශ්‍ය සාධනීය සංශෝධන ඉදිරිපත් කරලා ක්‍රියාත්මක කරන්න අනුමැතිය ලැබුණා.

සමහර අවස්ථාවලදී ගංවතුර, නාය යෑම් වැනි හේතූන් නිසා උප්පැන්න සහතිකය අස්ථානගත වෙලා තිබුණොත් නිසි ලෙස උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරන්න බැරිවෙච්ච අවස්ථාවලදී එය ප්‍රශ්නයක් නොකරගෙන දරුවා පාසලට ඇතුළත් කරන්න වෙනත් ක්‍රමවේද ඇතුළත් කරලා තිබෙන බව ඇමැතිවරයා සඳහන් කළා. මේ දිනවල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා වන විධිවිධාන විස්තරාත්මකව පුවත්පත්වලත් ඉදිරි කාලය තුළදී පළ කරයි.”

DMN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website