සදුදා, 24 ජූනි 2024 15:13

ලංකාව කුරුලු උණ අවදානමේද Featured

කුරුලු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩනොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කරන්නේ,මෑතක සිට රටවල් කිහිපයකින් වාර්තා වූ කුරුලු උණ A(H5N1) වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

රට ආරක්‍ෂා කිරීම සඳහා පාලන පියවර ගත් බවද ඇය පවසයි.

දැනට කුරුලු උණ වාර්තා වන කිසිදු රටකින් සත්ව නිෂ්පාදන හෝ සතුන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර නොමැති බවද ඇය සඳහන් කළාය.

“ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක ප්‍රථම වරට ගවයන්ට කුරුලු උණ රෝගය වැළදී තිබෙනවා. ඒ නිසා එය බරපතල තත්ත්වයක්,” වෛද්‍ය කොතලාවල මහත්මිය සඳහන් කරයි.

එමෙන්ම රට තුළ ක්‍රියාත්මක රෝග මර්දන ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කර ඇති බවත්, ඒ පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

DN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website