බදාදා, 26 ජූනි 2024 08:53

ඩීසල් නැව් 4ක් ගන්න කොන්ත්‍රාත්තුව චීන සමාගමට Featured

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් නැව් තොග හතරක් මිලදී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව M/S Zhongxi Energy Development (Ningo) Co. Ltd China නමැති චීන සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මගින් ලබාදී ඇති නිර්දේශයන්ට අනුව ලියාපදිංචි සැපැයුම්කරුවන් අතරින් අදාළ සමාගමට මෙම අනුමැතිය ලබාදී ඇති අතර ලබන අගෝස්තු 01දා සිට දෙසැම්බර් 31 දා දක්වා කාලය තුළදී ඩීසල් බැරල් 280,000 බැගින් වූ නැව් තොග 04ක් සපයා ගැනීමට මෙමගින් අවසර ලබාදී තිබේ.

විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ යෝජනාවට ඊයේ (25දා) මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

සුජීව තත්සර

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website