අඟහරුවාදා, 28 පෙබරවාරි 2023 17:37

විදේශ ඇමති අලි සබ්‍රි ලබන 02 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යයි Featured

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ලබන 02 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.

ඒ , භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහායි.

මෙම සමුළුවට අමතරව මාර්තු 03 වැනිදා පැවැත්වීමට නියමිත විශේෂ සංවාද ද්විත්වයකට ද අමාත්‍යවරයා සහභාගි වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා මාර්තු 04 වැනිදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිමට නියමිතයි.

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website