එහෙත් බැරි වෙලාවත් ඔහු ආර්. ප්‍රේමදාසගේ පුතා නොවුණානම් නගර සභාවක නාගරික මන්ත්‍රි ධුරයක් සඳහාවත් සුදුසු පුද්ගලයෙක් නොවන බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (29) දින කළුතර පැවැති ජන හමුවක් අමතමින් පැවැසීය. මන්ත්‍රීවරයා එසේ පැවැසුවේ ‘පුනරුදයට රටම එකට’ යන මැයෙන් ජාතික ජන බලවේගය විසින් ජනාධිපතිවරණය ඉලක්ක කර පැවැත්වූ කළුතර දිස්ත්‍රික් ප්‍රථම ජන හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවැසීය. ‘අපිට මතකයි පසුගිය මැතිවරණයකදී සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා ඔවුන්ගේ ආණ්ඩුවකදී හොරු ඇල්ලීමේ රාජකාරිය හරියට කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාට පොලිස් ඇමැතිකම දෙන බව. ජනතාව ඒ වෙලාවේ බොහෝම සන්තෝස වුණා. ඒත් අද ඒ පක්ෂයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා ආණ්ඩුවක් පත්වෙන්න කලින්ම කැසිනෝ මුදලාලිලාගෙන් සල්ලි අරගන්න හොරෙක් අල්ලගෙන. ඒ නිසා ඒ ගැන අපි කතා කරන්න අවශ්‍යම නෑ කියලයි හිතෙන්නේ.
DMN