සදුදා, 01 ජූලි 2024 10:50

ශ්‍රී ලාංකේය සංහිඳියාව පිළිබඳ සම්පන්දන් මහතාට ගැඹුරු හැඟීමක් තිබුණා - පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ Featured

දිවංගත පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා උතුර දකුණ ජන සංහිඳියාව පිළිබඳව ගැඹුරු දර්ශනයකින් කටයුතු කළ ගෞරවනීය නායකයෙක් බව ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති,ජපානයේ ප්‍රධාන සංඝනායක දඹදිව සාංචි චේතියගිරි විහාරාධිපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

උතුරු නැගෙනහිර අවි නිහඬ වීමෙන් පසු උතුරු පළාතේ ස්ථාපිත කළ පුනරුත්ථාපන කඳවුරු ආශ්‍රිතව මෙරට සියලු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් ගොඩනැගුණු "ආගමික සමුළුව" විසින් පවත්වා ගෙන ගිය සුභසාධන වැඩ සටහන්වලදී ද චාවාකච්චේරි ප්‍රදේශයේ ළදරු පාසල් ආරම්භ කළ අවස්ථාවේදී ද එතුමා දැක් වූ සහයෝගීතාවය සහ දැක් වූ අදහස් මේ රටේ ශ්‍රී ලාංකේය ජාතිකත්වය ගොඩනැගීමට එතුමා තුළ තිබූ ගැඹුරු උවමනාව මැනවින් පසක් විය.

එවැනි පරිණත ගැඹුරු චින්තනයක් සහිත දේශපාලනඥයන් අවශ්‍යම මේ අවස්ථාවේ ආර්.සම්පන්දන් මහතාගේ වියෝව සමස්ත ලාංකේය සමාජයට බලවත් පාඩුවක් බව නොකියාම බැරිය.

ඒ මහතාගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය එම පවුලේ සියලු දෙනාට ප්‍රකාශ කරන අතර ,ආගමානුකූලව ඔහු බලාපොරොත්තු වූ යහපත් ආත්මය ඒ මහතාට හිමිවේවා, යයි උන් වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා.

Last modified on සදුදා, 01 ජූලි 2024 11:14

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website