අඟහරුවාදා, 02 ජූලි 2024 09:11

සජ­බෙන් හොරු අල්ලන වැඩේ භාර­ දෙන්න හිටිය ෆොන්සේකා සජබ‍ හොරු ගැන හෙළි කරනවා Featured

සජිත්ගේ ආණ්ඩු­වක් යටතේ හොරු අල්ලන වැඩේ භාර­දෙන්නේ ෆොන්සේ­කාට යැයි සජිත් ප්‍රකාශ කළ බවත් දැන් ඒ ෆොන්සේකා වංචා දූෂණ හෙළි කරන බවට සජිත් පසු­පස පන්නන බවත් ජාතික ජන බල­වේ­ගයේ නායක අනුර කුමාර දිසා­නා­යක මහතා පැව­සීය.

ආණ්ඩුව එන්නත් කලින් දැන් සරත් ෆොන්සේකා කැසිනෝ සල්ලි ගලා එන හැටි පෙන්වා දෙමින් හොරෙක් හෙළි­කර තිබෙන බව ද ඒ මහතා කීය. මහ­නු­වර දී පැවැති රැස්වී­මක දී අනුර කුමාර දිසා­නා­යක මහතා මේ බව පැව­සු­වේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් සජිත් ප්‍රේම­දා­සට ජන­ප­ති­ව­ර­ණය සඳහා තරග කිරී­මට ඇති එකම සුදු­සු­කම එයාම කියන පරිදි ප්‍රේම­දා­සගේ පුතා වීම බව ද හෙතෙම අව­ධා­ර­ණය කළේය.

දෙගි­ඩි­යා­වක් අවි­නි­ශ්චි­ත­තා­වක් නැහැ මේ වසරේ ජන­ප­ති­ව­ර­ණය පැවැ­ත්විය යුතුයි. මැති­ව­රණ කොමි­ස­මට නාම යෝජනා භාර ගැනී­මෙන් පසු සති හත­රක් ඇතු­ළත ජන­ප­ති­ව­ර­ණය පව­ත්වන දිනය ප්‍රකා­ශ­යට පත් කළ යුතුයි. ජන­ප­ති­ව­ර­ණය බොහෝ විට සැප්තැ­ම්බර් 28 හෝ ඔක්තෝ­බර් 05 පැවැති විය හැකි යැයිද කීවේය.

DM

 

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website