බදාදා, 03 ජූලි 2024 09:49

උද්ධමනය අඩුවන විට පාර්භෝගිකයාට සහන නොලැබෙන්නේ ඇයි ? - සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය Featured

රටේ උද්ධමනය පහළ බසින තත්ත්වයක් තුළ ද එහි වාසිය පාරිභෝකයාට නොලැබීම ගැන නොපමාව ම සොයා බැලිය යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ උද්ධමනය 1.7% දක්වා අඩුවීම ඉතා යහපත් හා සතුටු විය හැකි තත්ත්වයක් වුව ද එවන් තත්ත්වයක් යටතේ රටේ පාරිභෝගික ජනතාවට ලැබිය යුතු සහන නොලැබෙන්නේ ඇයි ද යන්න අදාල අංශ නොපමාව ම අවධානය යොමු කල යුතුව ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අවධාරණය කරනු කැමැත්තෙමු.

යහපත් කළමනාකරණයක් හා නියාමන යාන්ත්‍රණ පවත්වාගෙන යන ලොව ඔිනැම සමාජයක උද්ධමනය පහළ බසින්නා වූ තත්ත්වයක එහි සහනය පාරිභෝගිකයන් වෙත හිමිවීම සහතික කෙරේ. එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ බොහෝ පාරිභෝගික ද්‍රව්‍යවල නිෂ්පාදන හා ආනයනික වියදම සහ විකුණුම් මිල අතර විශාල පරතරයක් දක්නට තිබේ. සමහර භාණ්ඩවලට අදාලව එකී පරතරය 100%ත්  200%ත් අතර වන තරම් ඉතා ඉහළ අගයක පවතින බව දැකගත හැකිය. එය ඉතාමත් අසාධාරණ හා අයුක්ති සහගත තත්ත්වයකි.

මෙවැනි තත්ත්වයක් ඇතිවිමට හේතුව පාරිභෝගික අයිතින් ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත ආයතන තම වගකීම හා කාර්ය භාර්ය ක්‍රියාත්මක නොකිරීම මෙන් ම සාධාරණ මිල යාන්ත්‍රණයක් සහතික කිරීමට ඇති කරගත යුතුව තිබෙන නියාමන හා මැදිහත්වීමේ යාන්ත්‍රණ ගැන රටේ වගකිව යුතු අංශ නිසි අවධානයක් යොමු නොකිරිම ද දැක්විය හැකිය. එබැවින් අප ශ්‍රී ලංකාවේ වගකිව යුතු ආයතනවලින් ඉල්ලා සිටින්නේ නොපමාව ම ඒ් ගැන අවධානය යොමු කරමින් වෙළඳපොළ සක්‍රීයතාවය මෙන් ම පාරිභෝගිකයාගේ අයිතින් ආරක්ෂා කරන නිසි වැඩපිළිවෙළකට යොමු වන ලෙසට ය.

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website