"ඉන්දියාවේ රසම තේ එක දෙන රජගහනුවර පන්සලේ හාමුදුරුවන්" ලෙස ද "අමාරුවේ නොවැටී දිල්ලියේ යන හැටි කියලා දෙන නවදිල්ලියේ හාමුදුරුවන්" ලෙස ප්‍රකට පල්ලේගම විජිත හිමිපාණන්ගේ පැවිදි දිවියට වසර හතලිහක් සම්පූර්ණවීම නිමිත්තෙන් පවත්වන මෙම පින්කම් මාලාවට සමගාමීව, මොරවක් කෝරළේ පිරිවෙන් හි ඉගෙනුම ලබන භික්ෂූන් වහන්සේලා දහසකට (සුදු යකඩ) සුවිශේෂ පාත්‍රා පූජාවක් ද තමන්ගේ පැවිදි දිවිය පෝෂණය කළ සතර පේරුවේ දායක දායිකාවන් හාර දහසකට (4000) දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ද, තමන්ට දන් පැන් ද දෙමින් තමන්ව රැකබලා ගත් දායක පවුල් දෙදහකට(2000) උපහාර පිදීම ද මෙදින සිදු කෙරේ.
මීට සියවසකට එහා මොරවක් කෝරලේ මහා දානපති ඒ.ඒ.ඩබ්.මුහන්දිරම්තුමා ඉදිකළ මෙම විහාරස්ථානයේ ධර්ම ශාලාව මීට වසර හතලිහකට පෙර එතුමන්ගේ පුත්‍ර රත්නය වන කෝලිත රත්නායක මහතා ප්‍රමුඛ එම පවුලේ සාමාජිකයන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කිසිදු ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම නිසා මේ වන විට අබලන් වී ඇති බැවින්, ධර්ම ශාලාව ඇතුළු විහාරාරාම ප්‍රතිසංස්කරණය සඳහා සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවා එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර වසරක් ඇතුළත එම ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමේ කටයුතු ද මෙදින ආරම්භ කෙරෙන බව විහාර සංවර්ධන කාර්ය සාධක සභාව පවසයි.