අඟහරුවාදා, 28 පෙබරවාරි 2023 17:42

බංකොලොත් කියා බලා නොසිටී.. ලංකාව න්‍යෂ්ඨික බලවතෙක් වෙන්න යයි.. කැබිනට් අනුමැතිය.. Featured

ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

එකී තීරණයට අනුගත වෙමින් න්‍යෂ්ටික ශක්තිය භාවිතයෙන් විදුලි ජනනය කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීම පිණිස මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරි කණ්ඩායම් 09ක් පත් කර තිබේ.

එකී ක්‍රියාකාරි කණ්ඩායම් විසින් සකස් කරන ලද ස්වයං ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනය ලබා දී ඇති නිර්දේශ අනුව න්‍යෂ්ටික බලයෙන් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඉදිරියට කර ගෙන යාමට ශ්‍රී ලංකාවට හැකියාව පවතී.

ඒ අනුව, අවශ්‍ය පියවර ගැනීමට හැකි වන පරිදි න්‍යෂ්ටික හානි සඳහා සිවිල් වගකීම් පිළිබඳ වියානා සම්මුතියේ සහ න්‍යෂ්ටික හානි සඳහා පරිපූරක වන්දි සම්මුතියේ පාර්ශ්වකරුවෙකු වීම වඩා යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, එකී සම්මුතීන්හි පාර්ශ්වකරුවෙකු වීම සඳහා ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍යවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

– Gov. Media

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website