සිකුරාදා, 05 ජූලි 2024 10:12

‘කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ධාරිතා පුළුල් කිරීම’ ගැන ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් එකඟතාව Featured

‘කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ධාරිතා පුළුල් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතා තර කිරීම’ සඳහා චීනය ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමිවීම යනු එම කරුණ සම්බන්ධයෙන් ජගත් ප්‍රජාවගේ පුළුල් එකඟතාව පිළිබිඹු වීමක් බව චීනය කියාසිටී.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පසුගියදා (02) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

ජූලි පළමුවැනිදා පැවති, ජගත් මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ දී චීනයේ එම යෝජනාව ඒකමතිකව සම්මත විය.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වර්ධනය විය යුත්තේ මිනිසා කේන්ද්‍රගත කරගනිමින් බවත්, ඉන් මිනිසාට ප්‍රතිලාභ අත්විය යුතු බවත් එම යෝජනාවෙන් අවධාරණය කෙරේ. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ධාරිතාව පුළුල් කිරීම මෙමගින් අපේක්ෂිත යි. එම තාක්ෂණය පිළිබඳ ගෝලීය වේදිකාවන් හි එම රටවල නියෝජනය ඉහළ නැංවීමට මෙන්ම විවෘත සහ සාධාරණ ව්‍යාපාරික පරිසරයක් තහවුරු කිරීමට මෙම යෝජනාව ඉවහල් වනු ඇත.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් තිරසර සංවර්ධනයක් සාක්ෂාත් කර ගැනීම ද මෙම යෝජනාවේ ප්‍රමුඛ අරමුණකි.

DN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website