සිකුරාදා, 05 ජූලි 2024 10:21

රනිල් දිනවන්න කොළඹ කාර්යාල එක්දාස් දෙසීයක් අරී… Featured

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ කාර්යාල එක්දහස් දෙසීයක් ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා සඳහන් කරයි.

මෙම කාර්යය දින දහයක කාලයක් ඇතුළත ඉටු කරන බවද හෙතෙම පැවසුවේය.

 මෙම ජනාධිපතිවරණයේදී සෙසු පක්ෂ සමග එක්වී දිස්ත්‍රික්කයේ පෙරළියක් සිදු කරමින් වික්‍රමසිංහ මහතාට විජයග්‍රහණයක් ලබා ගැනීමට මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටී.

 රනිල් වික්‍රමසිංහ මහතා නිර්පාක්ෂික පොදු අපේක්ෂක වශයෙන් ජනාධිපතිවරණය ඉදිරිපත් වීමට සියල්ල සූදානම්ව ඇතැයිද හෙතෙම කියා සිටියේය.

 ඉදිරි මාසය පුරාම දෛනිකව මැතිවරණ රැලි පැවැත්වීමට සැලසුම් කළ ඇති බවත් හෙතෙම තව දුරටත් පැවසීය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website