සෙනසුරාදා, 06 ජූලි 2024 15:27

පොහො­ට්ටු­වෙන් ඉල්ලී­මක් ආවොත් ජන­පති සට­නට සූදා­නම් Featured

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­ප­ති­ව­රණ අපේ­ක්ෂ­කයා ලෙස තමා ඉදි­රි­පත් කිරී­මට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමා ඊට සූදා­නම් බව එම පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී, ව්‍යාපා­රික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ 7, රොස්මිඩ් පෙදෙ­සේදී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ වෘත්ති­ක­යන්ගේ මධ්‍ය­ස්ථා­නය ඊයේ (5) පෙර­ව­රුවේ කොළ­ඹදී විවෘත කළ අව­ස්ථාවේ මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි. ජනා­ධි­පති අපේ­ක්‍ෂක ධුරය බලා­පො­රො­ත්තු­වෙන් පොදු­ජන පෙර­මු­ණට වැඩ කරන බව කී ඒ මහතා මැති­ව­ර­ණය ජය ගැනී­මට වැඩ කට­යුතු කර­මින් සිටින බවද සඳ­හන් කළේය. වර්ත­මා­නය වන විට රටෙන් 44%ක් ඡන්දය දෙන්නේ කාටද යන්න තවම තීර­ණය කර නැති බවත්, වේදි­කා­වල කොත­රම් ලොකු­වට කථා කළත් ආර්ථි­කය දියුණු කරන්නේ කෙසේද යන්න කිසි­වකු නොකි­යන බවත් ඒ මහතා කීය. වේදි­කා­වට පැමි­ණිය හොත් ආර්ථි­කය දියුණු කිරීමේ වැඩ­පි­ළි­වෙළ කිව යුතු බැවින් ඒ වැඩ­පි­ළි­වෙළ සකස් කර­මින් සිටින බව සඳ­හන් කළ මන්ත්‍රී­ව­රයා සම­හර දේශ­පාල පක්‍ෂ අවු­රුදු 2ක් තිස්සේ ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­ර­යන් කළද රටේ ආර්ථි­කය හදන්නේ කෙසේද යන්ව පැහැ­දිලි කර නැති බවද සඳ­හන් කළේය. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන්නේ නම් ඉදිරි දින 90 තුළ ආර්ථි­කය හදන හැටි කිව යුතු බවත්, ආර්ථි­කය හදන හැටි පව­සන විට ජන­තා­වට ආත්ම­ශ­ක්ති­යක් ලැබෙන බවත් හෙතෙම කීය.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ, මහ ලේකම් නීතිඥ සාගර කාරි­ය­ව­සම් මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

DMN

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website