සෙනසුරාදා, 06 ජූලි 2024 15:41

අධිකරණ නියෝගයක් ආවොත් 17 වැනිදා ජනාධිපතිවරණය කැදවන්න බෑ..- මැ.කො. Featured

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමට විභාගයට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය යම් හෙයකින් තහනම් නියෝගයක් නිකුත් කළහොත් මැතිවරණය පැවැත්වීමේ දිනය ප්‍රකාශයට පත්කිරීම අත්හිටවීමට සිදු වන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසන්නේ දැනට පවතින තත්වය මත ජූලි 17 න් පසු මැතිවරණයට අවශ්‍ය නාමයෝජනා කැඳවීමේ දිනය නිවේදනය නිකුත් කිරීමට බලය ලැබෙන බවයි.

 ඉන් දින 16ත් 21ත් අතර දිනයක නාමයෝජනා කැඳවන බවත් නාමයෝජනා කැඳවන දින සිට සති 4-6 අතර කාලසීමාව තුළ ඡන්ද විමසීම සිදු කරන බවත් රත්නායක මහතා පැවසීය.

 කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ඉහත පෙත්සමට තහනම් නියෝගයක් ලබා නොදුනහොත් කිසිදු බාධාවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බවත් ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සිට ඔක්තෝබර් 16 අතර පැවැත්විය යුතු බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

CN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website