ඉරිදා, 07 ජූලි 2024 14:58

ධූර කාලය දුර නොයවන පනතක් Featured

6ක් පුළුවන්ද මෛත්‍රීත් මතය අහලා

ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ද හයක් ද යන්න සම්බන්ධයෙන් පවතින ගැටලු සහගතභාවය නිරාකරණය කිරීමට පාර්ලිමේන්තුවට විශේෂ පනතක් ගෙන ඒමට ආණ්ඩුව තීන්දුකොට ඇත.

ඒ අනුව ඊට අදාළ යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මේ අතර ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ව්‍යවසායක සී. ඩී. ලෙනව මහතා ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම හෙට (08දා) ශ්‍රේෂ්ඨාධීකරණයේදී අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේදී සලකා බැලීමට නියමිතව ඇත.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙනු ලබන තීන්දුව පිළිබඳ දේශපාලන පක්ෂ සහ නීතිඥයන් ඇතුළු සමාජයේ විශාල පිරිසකගේ අවධානය ඊට යොමුව ඇත.

ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලන සමයේදී ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබිණි.

එහිදී තීන්දු වූයේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව ජනාධිපති ධුර කාලය වසර 05ක් බවය.

ඒ. ජේ. ඒ. අබේනායක

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website