ඉරිදා, 07 ජූලි 2024 15:00

රනිල්ට දෙන සහාය බැසිල් කියයි Featured

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැම වේලාවෙම ජනාධිපතිතුමනි ඔබට අපි උදව් කළේ කිසියම් බයකටත් නෙමෙයි. ඒ වගේම අපි බයත් නෑ ණයත් නෑ කියලා සඳහන් කරන්නේ ඉතාම ගෞවරයෙන්. අපේ පක්ෂයේ සියලුදෙනාම තීන්දුවක් අරගත්තා ඒ අවස්ථාවේ හැටියට මේ රට බේරා ගැනීමට හැකියාව තියෙන්නේ ඔබතුමාට කියලා. අන්න ඒ අවස්ථාවේදී අපි ඒ සහයෝගය අවංකව දුන්නා අද දක්වා. ඉදිරියටත් ඒ සහයෝගය දක්වනවා කියන එක අපි කියනවා. ඒ කරන්නේ රට වෙනුවෙන් හා මේ රටේ ජනතාව වෙනුවෙන්. රටත් ජනතාවත් ආරක්ෂා කරන තාක්කල් ඔබතුමාට සියලු ශක්තිය ලබාදෙනවා කියලා ඔබතුමාට සඳහන් කරනවා.

එම උත්සවයට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ අභියෝග බාර ගනිමින් රට ඉදිරියට ගෙනයන නායකත්වය සමග ජනතාව කටයුතු කළ යුතු බවය.

DVN

 

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website