අඟහරුවාදා, 28 පෙබරවාරි 2023 17:49

අධ්‍යාපන අමාත්‍යංශයේදී එල්ලවූ ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් Featured

අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුලු පිරිසට පොලීසිය හා කැරලි මර්දන ඒකකය විසින් පහර දීමට එරෙහිව අද (28) ‍ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ, නීතිය අතට ගැනීම සඳහා පොලීසියට බලයක් නොමැති බවයි.

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website