ඉරිදා, 14 ජූලි 2024 07:36

ක්ලබ් වසන්ත මිහිදන් වුණේ මෙහෙමයි Featured

අතුරුගිරිය ප්‍රදේශයේ දි පසුගියදා වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (13) සිදු කෙරුණි.

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ ක්ලබ් වසන්ත හා තවත් අයෙකු පසුගිය 08වැනිදා වෙඩි තබා ඝාතනය කෙරුණි.

ක්ලබ් වසන්තගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණි. දේහය එහි තැන්පත් නොකරන ලෙසට තර්ජනය කරමින් මල් ශාලාවට දුරකතන ඇමතුම් දෙකක් ලැබී තිබුණි.

මෙවන් පසුබිමක මල් ශාලාව අවට ප්‍ර දේශයේ ආරක්ෂාව තර කර තිබුණි. පොලිසිය සහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒ සදහා යෙදවීමට පියවර ගැණුනි. ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් දේහය පිළිබද අවසන් කටයුතු සිදු විය.

පවුලේ ඥාතීන් හා හිතවතුන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියේය . ක්ලබ් වසන්තගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරුණේ බොරැල්ල පොදු සුසාන භූමියේදීය.

මේ අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ලොකු පැටීගේ මස්සිනා ඇතුළු සැකකරුවන් තුන් දෙනෙකු වැලිපැන්න කුරුන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් එසේ අත්අඩංගුවට ගත්තේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගිනි. මෙම සැකකරුවන් සිටි නිවස ද පොලිසිය පරික්ෂා කර තිබේ.

ඒ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් මෙම නිවසේ රැදී සිටියේ ද යන්න පිළිබද ඇති වූ සැකය මතය. කෙසේ වුවද එම නිවසේ තිබී සැකකටයුතු කිසිවක් හමුවී නැත. ඒ අනුව සැකකරුවන් තුන්දෙනා මුදා හැරීමට පොලිසිය කටයුතු කළේය.

 DMN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website