ඉරිදා, 14 ජූලි 2024 07:51

දිස්ත්‍රික්ක 05 නාය යෑමේ නිවේදන… Featured

පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05ක් සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කළුතර ,මහනුවර ,කෑගල්ල ,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා නාය යෑමේ නිවේදන නිකුත් කර තිබේ.

 

එම නිවේදනය 14 පස්වරු 04.30 දක්වා බලපැවැත්වෙයි.

 

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් මහනුවර දිස්ත්‍රික්කයේ දෙල්තොට,ගඟවට කෝරලේ,උඩපලාත ,උඩුනුවර හා යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල හා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ,ඇහැලියගොඩ ,ඇලපාත ,කිරිඇල්ල ,කුරුවිට ,පැල්මඩුල්ල හා රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා නාය යෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබේ.

 

පොළවේ ඇතිවන ඉරි තැලීම්,ගැඹුරට හෑරුණු පැළුම් හා පොළවේ ගිලා බැසීම්,ක්‍රමයෙන් ඇලවී යන ගස්,විදුලි කණු,වැටවල් හා දුරකථන කුළුණු ආදිය නිරීක්ෂණය වන්නේනම් හෝ එකවර ජල උල්පත් ඇති වීම් හෝ පෙර පැවති ජල උල්පත් බොරවීම් හෝ අවහිර වීම් වැනි ණාය යෑම් ලක්ෂණ නිරීක්ෂණය වන්නේනම් කඩිනමින් එම ස්ථාන වලින් ඉවත් වීම ඉතා වැදගත් බව එම ආයතනය සදහන් කරයි.

 

පවතින වැසි තත්වය තවදුරටත් පවතින්නේනම් පස් කඳු කඩා වැටීම්,ගල් පෙරලීම් සිදුවිය හැකිය.

 

ඒ හේතුවෙන් කන්ඩි හා බෑවුම් ආශ්‍රිතව සිටින ජනතාව හැකි ඉක්මනින් ආරක්ෂිත ස්ථාන කරා යොමුවිම ඉතා වැදගත් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් පවසයි.

 

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website