සදුදා, 15 ජූලි 2024 10:01

තායිලන්තයට යන්න අද සිට වීසා ඕනෑ නෑ Featured

අද සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 93ක සංචාරකයින් සඳහා වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීම සඳහා අවසර ලබාදී තිබේ.වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලාංකිකයින්ට තායිලන්තයට යාම සඳහා අවස්ථාව හිමි වන්‍නේ පළමු වතාවටය.

තායිලන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද නව ප්‍රතිපත්තිය යටතේ සංචාරකයෙකුට දින 60ක කාලයක් වීසා රහිතව එරට රැඳී සිටීමට හැකිය.මෙලෙස තායිලන්තයට වීසා නොමැතිව ඇතුළුවන සංචාරකයින් සතුව නවාතැන් අරමුදල් සහ ආපසු පැමිණීමට අදාළ සාක්ෂි තිබිය යුතුය. එරට ආගමන විගමන නිලධාරින්ගේ අනුමැතිය ලබාගැනීම ද අනිවාර්යය වේ.

DVN

නවතම පුවත්

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website