අඟහරුවාදා, 16 ජූලි 2024 10:54

ඖෂධ දෙකක් ගැනිමෙන් දරුවන් 12කට ආසාදන…

ඖෂධ වර්ග දෙකක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතිබව ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසීය.

එම ඖෂධ භාවිතයෙන් අතුරු ආබාධ ඇතිවූ බව කියන සැකයක් හේතුවෙනි.

මිහින්තලේ රෝහලෙන් එම ඖෂධය ලබාගත් දරුවන් 12 දෙනෙකු එලෙස විවිධ සංකුලතාවන්ට ලක්ව තිබේ.

ඔවුන් එම ඖෂධ ලබාදී ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සඳහායි.
සිදුකරන පරීක්ෂණයෙන් පසුව එම ඖෂධය භාවිතයට ගැනීම පිළිබඳව තීරණය කරන බව පැවසීය.

මේ අතර ඔවුන්ගේ තත්වය බරපතළ නොවන බව උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා පැවසීය.

 එම දරුවන් මේවන විට අනුරාධපුර රෝහලෙ ප්‍රතිකාර ලබයි.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා මෙලෙස අදහස් දැක්විය.

 

– නාගොඩ සුමන උදයන්ත

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website