බදාදා, 17 ජූලි 2024 14:37

මැල්සිරිපුර මාරක අනතුරක් – අයෙක් ජීවිතක්ෂයට – 8ක් රෝහලට Featured

මැල්සිරිපුර – කොස්කැළේ පන්ලියද්ද ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින්, එක් බස් රථයක රියදුරු මියගොස් තිබේ.

අද (17) අලුයම 2.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව මැල්සිරිපුර පොලිසිය සඳහන් කළේය.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 8 දෙනෙකුට තුවාල සිදුව ඇත.

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් සහ කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරින් මඩකලපුව බස් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වෙ ඇත.

 

නවතම පුවත්

 චිරං ජයතු

සැප්තැම්බර් 28 2024
Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website